Windows 8.1 සඳහා සහය දැක්වීම අවසන් කරන බව Microsoft නිවේදනය කරයි

Windows 8.1 සඳහා සහය දැක්වීම අවසන් කරන බව Microsoft නිවේදනය කරයි

Microsoft සමාගම විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ 2023 වර්ෂයේ ජනවාරි 10 වන දිනෙන් පසුව Microsoft Windows 8.1 සංස්කරණය සඳහා සහය දැක්වීම අවසන් කරන බවයි.

ඒ අනුව ඉදිරියේදී Windows 8.1 සංස්කරණය මත ධාවනය වන පරිගණක සඳහා මෘදුකාංග යාවත්කාලීන කිරීම්, security patches හෝ වෙනත් තාක්ෂණික සේවා සහය Microsoft සමාගම විසින් ලබා නොදෙන අතර Microsoft 365 යෙදුම් Windows 8 හෝ Windows 8.1 සංස්කරණ සඳහා සහය නොදක්වනු ඇත.

Microsoft සමාගම විසින් තාක්ෂණික වශයෙන්  Windows 8.1 සඳහා සහය ලබා දීම නැවැත්වූවද ඔබට ඔබගේ පරිගණකය එම සංස්කරණය භාවිතා කිරීමෙන් පරිහරණය කිරීමට එය බාධාවක් නොවන නමුත් ඉදිරියේදී යාවත්කාලීන කිරීම් නොලැබීම නිසා Windows 8.1 වල ඇති bugs සඳහා විසදුම් නොලැබේ. එමෙන්ම Security patches නොලැබීම හේතුවෙන් පරිගණක වෛරස, අනිෂ්ට මෘදුකාංග (Malware) වල​ට මෙහෙයුම් පද්ධතියට හානි සිදුකිරීමට ඇති හැකියාව ඉහළ යනු ඇත. එබැවින් Micorosoft සමාගම විසින් නිර්දේශ කර සිටින්නේ Windowsහි නවතම අනුවාදනයකට යාවත්කාලීන වීමයි.

මේ වන විට Microsoft සමාගම විසින් එලිදක්වා ඇති නවතම Windows සංස්කරණය වන්නේ Windows 11 අනුවාදනය වන නමුත් Windows 8.1 සිට එක වරම Windows 11 සඳහා upgrade වීම ඔවුන් නිර්දේශ කරන්නේ නෑ. එයට හේතුව  Windows 8.1 ධාවනය කිරීමට හැකි වුවද එම අනුවාදනය මත ධාවනය වන පරිගණක බොහෝ ප්‍රමාණයක් Windows 11 සඳහා අවශ්‍ය කරන අවම දෘඪාංග අවශ්‍යතා සපුරාලන්නේ නැති කමයි.

Micorosoft ආයතනය නිර්දේශ කර සිටින ආකාරයට පරිගණකයේ දෘඪාංග අවශ්‍යතා සපුරා ලන්නේ නොමැති නම් Windows 11 ධාවනය කල හැකි නව පරිගණකයක් වෙත මාරු වීම හෝ විකල්පයක් වශයෙන් Windows 10 අනුවාදනයේ නවතම සංස්කරණය වෙත මාරු වීමයි. Windows 10 අනුවාදනය සඳහා Microsoft සමාගම විසින් 2025 වර්ෂයේ ඔක්තෝම්බර් 14 වන දින තෙක් සහය දක්වනු ලබන අතර වසර 3කට අධික කාලයක් ඔබට නව පරිගණකයකට මාරු නොවී සිටීමේ හැකියාව ඇත.

මේ සියල්ලම හමුවේ Android වැඩකාරයෝ අපගේ මතය නම් අපි අද මුදල් ගෙවා හෝ ක්‍රැක් කරමින් Microsoft නිෂ්පාදන භාවිතා නොකර එදා පටන්ම නිදහස් මෘදුකාංග යටතේ නිපදවෙන මෙහෙයුම් පද්ධති සහ මෘදුකාංග භාවිතා කිරීමට පෙලඹුනා නම් මෙවැනි ගැටළු පැන නොනගින බවයි.

Sources: Microsoft The Verge

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara