ඉන්දියාවේ වර්ධනය වන චීන විරෝධය හමුවේ Micromax විසින් නව ජංගම දුරකථන නිකුත් කිරීමට සැරසේ

ඉන්දියාවේ වර්ධනය වන චීන විරෝධය හමුවේ Micromax විසින් නව ජංගම දුරකථන නිකුත් කිරීමට සැරසේ

ලෝක වෙලඳපලේ mid-range හෝ budget වර්ගයේ ජංගම දුරකථන සඳහා අනෙකුත් ජංගම දුරකතන නිපදවන සමාගම් සාපේක්ෂව ගෙවන මුදලට වඩා වැඩියමක් ලබා දෙන්නේ චීන ජංගම දුරකථන බව නොරහසකි. ඒ කෙසේ වුවත් චීන ඉන්දියානු අර්බුදය හමුවේ ඉන්දියානු ජනතාව චීන භාණ්ඩ මිලදී ගැනීම අඩු කරන මොහොතක ඉන්දියානු ජංගම දුරකථන නිෂ්පාදන සමාගමක් වන Micromax සමාගම නැවතත් වෙළඳපලට නව ප්‍රවේශයක් ලබා ගැනීමට ජංගම දුරකථන 3ක් නිෂ්පාදනය කිරීමට යන පුවතක් වාර්තා වෙනවා.

Micromax සමාගම මේ ගැන නිල නිවේදනයක් කරල නැති උනත් Micromax India Twitter ගිණුමෙන් ඔවුන් ලොකු දෙයක් කරන්න යන බව සඳහන් කර තිබුණා.

පවතින චීන විරෝධය වර්ධනය වන අතරතුරේදී එහි අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගැනීමට Micromax සමාගම උත්සාහා දරණ අතර, සාමාන්‍යෙන් මේ වනතුරුත් අපට දකින්නට ලැබුනු සුපුරුදු Micromax දුරකථන වල තත්වය එහෙමත් නැත්තම් Quality එක අනිත් ඒවාට සාපේක්ෂව අඩු උනත් මෙවර එම දුර්වලතාවය මග හරවාගෙන වෙළඳපලට අවතීර්ණ වීම සිදුකලහොත් ස්ථාවර වෙළඳ පල කොටසක් ඔවුන්ට ඉන්දියාව තුල ලබා ගත හැක. ඔවුන් එයට සැරසෙන බව දන්වමින් පලකල twitter පණිවිඩය පහතින් දැක්වේ.

ගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ නිකුත් කල ජංගම දුරකථනය පසු මේ වන තෙක් කිසිඳු ජංගම දුරකථනයක් නිකුත් නොකල Micromax සමාගමේ නැවත ආගමනය කෙසේ වේවිද?

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara