ඔබේ සාමාන්‍ය TV එක Android Smart TV එකක් කරන Mi TV Stick එක

ඔබේ සාමාන්‍ය TV එක Android Smart TV එකක් කරන Mi TV Stick එක

මෙම මස මුල් භාගයේ පැවති Global Ecosystem Product Launch උළෙල අතරතුරදී Xiaomi සමාඟම විසින් ඔවුන්ගේ නවතම Mi TV Stick උපාංගය හඳුන්වා දෙන ලදි. මෙය Amazon Fire TV Stick එකට බෙහෙවින් සමාන නිෂ්පාදනයකි.

මෙහි බර ග්‍රෑම් 30ක් පමණ වන අතර එහි Android TV හි 9.0 සංස්කරණය අඩංගු වේ. මෙහි ඇති දුරස්ථ පාලකය Bluetooth තාක්ෂණය මඟින් ක්‍රියාත්මක වන අතර, එහි Netflix සහ Prime Video සේවාවන් සඳහා වෙන්වූ බොත්තම් සහිත ය. එමෙන්ම මෙම Mi TV Stick උපාංගයේ Google Assistant සහ Chromecast සේවා ද අඩංගු වේ.

මෙම උපාංගයේ ඇති Google Play Store එක මඟින් ඔබට අවශ්‍ය streaming සේවාවන් ස්ථාපනය කරගැනීමට ද පහසුකම් සලසා ඇත. Netflix, Amazon Prime Video, Disney+, HBO, YouTube වැනි බොහෝ සේවාවන් වලට මේ හරහා සම්බන්ධ විය හැක.

Mi TV Stick උපාංගය Quad-Core Cortex-A53 ප්‍රොසෙසරයකින් බලගැන්වෙන අතර, ARM Mali-450 GPU එක භාවිතා වේ. 1GB පමණ RAM එකක්, 8GB පමණ storage ඉඩක් මෙහි ඇතුළත් ය. මෙම උපාංගය 1080p, 60fps වීඩියෝ සඳහා සහාය දක්වයි. RM, MOV, VOB, AVI, MKV, TS, සහ MP4 ආදී Video file format මෙහි භාවිතා කළ හැක. DTS සහ Dolby යන Audio formats සඳහාද මෙය සහාය ලබා දේ. මෙම උපාංගය මිළදීගත් පසු, මෙය HDMI port එක හරහා රූපවාහිනියට සම්බන්ධ කරගත හැක.

මෙහි මිළ වැඩි, 2GB RAM සහ 4K Video සඳහා සහය දක්වන වැඩිදියුණු කළ සංස්කරණයක් ද ඔවුන් වෙළඳපල වෙත නිකුත් කිරීමට සූදානමින් සිටී.

මෙම Mi TV Stick උපාංග වල, මිළ අඩු සංස්කරණය $49 ක් හෙවත් ලංකා මුදලින් රුපියල් 9000/- කට ආසන්න මුදලක් සහ මිළෙන් වැඩි සංස්කරණය $133 එනම් රුපියල් 25,000/- කට ආසන්න මිළක් නියම වනු ඇති. මෙම මිළගණන් වල සුළු වෙනස්කම් සිදුවිය හැක.

Source - mi.com , Android Authority

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara