Mi Band 5 ගැන හැමදෙයක්ම
Sales අතින් Mi Bands දෙවෙනි වෙන්නේ Apple Watch එකට පමණයි.
Budget fitness trackers වල ඉදිරියෙන්ම ඉන්න Xiaomi, දැන් Mi Band 5 එක යුරෝපයට නිකුත් කරලා තියෙනවා. ළඟදීම මෙය ඉන්දියාවේත් release වීමට නියමිතයි. ඒ ආසන්න කාලෙකදී ආනයන සීමා වලින් බේරෙන්න පුළුවන් වුණොත් ලංකාවටත් officially release වෙයි.
Specifications
DISPLAY
1.2 inch AMOLED 2.5D colour touchscreen
WATER RESISTANCE
5ATM
SENSORS
Heart rate sensor
SpO2 sensor
NFC
Accelerometer
Barometer
Proximity sensor
BATTERY
125mAh
14-day battery life (advertised)
ALERTS & CONTROLS
Calls
Message
App notifications
Alarms
Calendar
Music controls
Remote camera control
Find my phone
CHARGING METHOD
Magnetic(!)
අනෙකුත් විශේෂාංග
කලින් ඉඳන් තිබුන running, swimming modes හැරුනකොට Rowing, Jump Rope, Yoga වගේ අලුත් modes කීපයක් ම එකතු වෙලා තියෙනවා.
කාන්තා සෞඛ්‍ය
තවත් අලුත් feature එකක් වන මෙයින්, කාන්තාවන්ගේ ඔසප් චක්‍රය track කිරීමත්, ඒ සම්බන්ධ උපදෙස් ලබා දීමත් සිදු කරනවා.
වැඩි දියුණු වුණ Sleep Tracking
දැන් දවසේ ඔබ නිදා ගන්න ඕනෑම වෙලාවක එක දිගටම heart rate track කරන්න පුළුවන්. ඒ වගේම නින්දේදී ඇති වන විවිධ සංකුලතා ගැනත් විශ්ලේෂණය කර, හොඳ නින්දක් ලබා ගැනීම ගැන ඔබට උපදෙස් දෙන්න Mi Band App එකට පුළුවන්.
රුධිර ඔක්සිජන් මට්ටම මැනීම
Mi Band 5 එකටම විශේෂ වූ feature එකක් වන මේකට උදව් වෙන්නේ built-in SpO2 හෙවත් blood oxygen tracker එක. මේ feature එකත් sleep tracking වල නිරවද්‍යතාව වැඩි කරන්න හේතු වෙනවා.
Remote Control Camera
Smartphone කැමරාවේ shutter එක band එකෙන් control කිරීමේ හැකියාව දැන් තියෙනවා.
Charging
මෙතෙක් කල් Mi Band හැම එකක්ම charge කරන්න නම් strap එකෙන් ගලවන්න වුණා. ඒත් දැන් එහෙම ඕනේ වෙන්නේ නෑ. අලුත් Magnetic Charging feature එක නිසා band එකේ යටට cable එක plug කරලා charge කරන්න පුළුවන්.
NFC සහ Voice Assistant
මේ features දෙක නම් ටිකක් පැටලිලි සහගතයි. මොකද එක එක රට වලට මේ features අඩු වැඩි විදිහට ලැබිල තියෙන්නේ. කොහොම වුනත් ලංකාවට නම් මේ දෙක එච්චර වැදගත් වෙන එකක් නෑ භාෂා හා තාක්ෂණික ගැටලු නිසා.
Apple සහ Xiaomi වෙනස
ලොකු වෙනසක් තියෙනවා, හැබැයි මේ Mi Band ඔබ ගැන එක්රැස් වෙන තොරතුරු App එකෙන් පිට තොරතුරු පද්ධතියකට යන්නේ නෑ. හදිස්සියේ වැඩි වෙන Heart rate එක සහ fall detection වගේ ජීවිතය රඳා පවතින දේවල් ගැන යම් පුද්ගලයෙක් දැනුවත් කරන system එකක් තිබුනා නම්, මේ තොරතුරු ඵලදායි විදිහට යොදා ගන්න තිබුනා.
මිල
කලින් MI Bands වලට වඩා ලොකු මිල වැඩි වීමක් Mi Band 5 එකට ලැබිලා තියෙනවා. දැනට sale වෙන යුරෝපයේ/UK මිල සඳහන් වෙන්නේ ඩොලර් 40-50 අතර. NFC නැති version එක නම් මිල අඩුයි.
කොහොම වුණත් දැනට (ජූලි 18) AliExpress standard shipping ලංකාවට නැති නිසා order කරන්න නම් බැරි වෙයි. එබැවින් ඉවසා වදාරන්න.
Source: Android Authority.