Meta සමාගම යුරෝපය තුළ දැන්වීම් රහිත Subscription Plan එකකට යෑමට සූදානම් වේ

Meta සමාගම යුරෝපය තුළ දැන්වීම් රහිත Subscription Plan එකකට යෑමට සූදානම් වේ

Meta සමාගම යුරෝපය තුළ Instagram සහ Facebook භාවිත කරන්නන් සදහා Ads රහිත Subscription එකක් ලබාදීම කෙරෙහි යොමු වී ඇත. යුරෝපය තුළ පවතින රහස්‍යතා හා පෞද්ගලිකත්වය සම්බන්ධ නීති වලට එකග වීමට සිදු වීමට සිදුවීම නිසා පීඩනයකට ලක්වී තිබෙන අතරතුර මේ තීරණය Meta සමාගම ගැනීමට සූදානම් වේ. මෙමගින් ඔවුන් පරිශීලකයන්ගේ අනුමැතියකින් තොරව Personalized Ads වෙත ඔවුන්ව යොමු කිරීම සීමා කිරීම බලාපොරොත්තු වේ.

වාර්ථා වන අන්දමට ඔවුන් මෙම Subscription එක ජංගම දුරකථන වලට හා ජංගම දුරකථන සහ පරිගණක ඇතුළත්ව යනුවෙන් පැකේජ දෙකක් හදුන්වාදීමට සූදානම් වේ. ජංගම දුරකථන වලට යුරෝ 10ක් ද, දුරකථන හා පරිගණක දෙකටම යුරෝ 13ක් අය කිරීමට සලකා බලයි. මෙය Youtube Premium හා Spotify Premium සමග සැසැදීමේදී පරිශීලකයාට තරමක් අවාසි දායක වන්නේ, Youtube හා Spotify මිළ දී ගත් විට නැවත ගෙවීමකින් තොරව එය පරිගණකය තුළද නිදහසේ භාවිතා කළ හැකි වීමයි.

Meta යනු පරිශීලකයන්ගේ දත්ත අවභාවිතාව සම්බන්ධයෙන් විශාල වශයෙන් චෝදනා එල්ල වී තිබෙන සමාගමක් නිසා ඉදිරියේදී ගනු ලබන තීරණ යුරෝපා සංගම් රෙගුලාසි වලට අනුකූලව ගැනීමට Meta හට සිදුවේ. කෙසේ නමුත් ඔවුන් මෙය සම්බන්ධව නිළ වශයෙන් නිශ්චිත සැළසුමක් ප්‍රකාශයට පත් කර නොමැති අතර මෙවැනි දැන්වීම් රහිත දායකත්වයක් මිළ දී ගැනීමට පරිශීලකයන් කොපමණ මුදළක් වැය කිරීමට හැකිදැයි සොයාබැලීමට Meta හට සිදුවේ. තවද බොහෝ පරිශීලකයන්ට මෙම දැන්වීම් නවමු අත්දැකීමක් නොවන නිසා ඔවුන් මුදල් ගෙවා මෙය ලබා ගැනීමට අකමැති විය හැකිය.

Source: www.wsj.com (Wall street journal) www.reuters.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna