Facebook, Instagram ඇතුළු Meta සමාගමේ සේවාවන් ලොව පුරා ඇණ හිටී

මේ වන වි​ට ලොවපුරා වෙසෙ​න අන්තර්ජාල පරිශීලකයන්ගෙන් ලැබෙන තොරතුරු සහ අන්තර්ජාතික මාධ්‍යන් වාර්තා කරන ආකාරයට Facebook, Facebook Messenger, Threads හා Instagramහි සේවා ඇණහිටීමක් වාර්තා වෙමින් පවතිනවා

Facebook, Instagram ඇතුළු  Meta සමාගමේ සේවාවන් ලොව පුරා ඇණ හිටී

මේ වන වි​ට ලොවපුරා වෙසෙ​න අන්තර්ජාල පරිශීලකයන්ගෙන් ලැබෙන තොරතුරු සහ අන්තර්ජාතික මාධ්‍යන් වාර්තා කරන ආකාරයට Facebook, Facebook Messenger, Threads හා Instagramහි සේවා ඇණහිටීමක් වාර්තා වෙමින් පවතිනවා. Down Detector වෙබ් අඩවිය වෙත පිවිසෙන විශාල අන්තර්ජාල පරිශීලකයන් පිරිසක් විසින්ද මෙම සේවාවන් බිඳ වැටීම තහවුරු කර තිබෙනවා.

ඒ අනුව Facebook, Threads, Instagram හා Facebook Messenger සේවාවන්වන් සඳහා පිවිසී​මේ හැකියාව අඩාල වී ඇති අතර Facebook සමාගමේ අනිත් සේවාවන් සදහා මේ සේවා ඇණහිටීම දැනට බලපා ඇතැයිද තොරතුරු වාර්තා වෙනවා.

කෙසේ වෙතත් Meta සමාගමේම සේවාවක් වන WhatsApp සේවාව කිසිඳු ගැටලුවකින් තොරව ක්‍රියා කරනු ලබනවා.

වාර්තා වෙන තොරතුරුවලට අනුව ඇමරිකා එක්සත් ජනපදය, මැදපෙරදිග කලාපය, යුරෝපා කලාපය හා ආසියාව ආදි ලොව පුරා සැම රටකින්ම වගේ මෙලෙස Facebook, Threads, Facebook Messenger හා Instagramහි බිද වැටිම් වාර්තා වි තිබෙනවා.


මේ පිළිබඳව වැඩි දුර තොරතුරු ලද විගස ඔබ වෙත ගෙන ඒමට Android වැඩකාරයෝ අප විසින් බලාපොරොත්තු වනවා.

Update:
05.03.2024 21:57

මේ වන විට Facebook සේවාවන් නැවත යථාතත්වයට පත් කොට තිබෙනවා.

Update:
05.03.2024 22:27

මේ වන විට සියලුම සේවාවන් නැවත යථාතත්වයට පත් කොට තිබෙනවා.

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna