Meta සමාගම විසින් Threadsහි Web Version එක නිල වශයෙන් එළිදක්වයි

Threadsහි Web Version එක පසුගිය අගෝස්තු 22වන දා නිකුත් කළ අතර ඊයේ දිනයේ පමණ සිට එය මෙරට ජනතාවට ඒ වෙත පිවිසිය හැකි වූවා.

Meta සමාගම විසින් Threadsහි Web Version එක නිල වශයෙන් එළිදක්වයි

Twitter වෙත දැවැන්ත අභියෝගයක් ලබා දෙමින් Meta සමාගම විසින් පසුගියදා Threads නම් නව සමාජ මාධ්‍ය ජාලයක් හඳුන්වා දෙන ලදී. කෙසේවෙතත් මේ සඳහා තවමත් Web Version එකක් නොමැති වීම බොහෝ දෙනෙකුට ගැටලුවක් වී තිබෙන අතරම මුළු Sign Ups ප්‍රමාණය මිලියන 100 ඉක්මවුවද බොහෝ දෙනෙක් සක්‍රීය පරිශීලකයන් ලෙස නොසිටීමටද මෙය හේතුවක් වී තිබෙනවා.

කෙසේ නමුත් පසුගිය දා Threads වෙත Web Version එකක් හඳුන්වාදීමට සූදානම් වන බව Android වැඩකාරයෝ අපි වාර්තා කළා ඔබට මතක ඇති.


ඒ අනුව මෙහි Web Version එක පසුගිය අගෝස්තු 22වන දා නිකුත් කළ අතර ඊයේ දිනයේ පමණ සිට එය මෙරට ජනතාවට ඒ වෙත පිවිසිය හැකි වූවා. සාමාන්‍ය පරිදිම ඔබගේ Instagram ගිණූමෙහි Email, Password ලබාදී මේ වෙත Log විය හැකි අතර තවමත් App එකෙහි මෙන්ම නව ගිණුමක් සෑදීමට නම් මේ හරහාද නොහැකිවනවා.

Threads App එකෙහි ඇති සියලු පහසුකම් ද මෙහි සමන්විත වන අතර Dark Mode එක සහ Light Mode එක වෙත Switch වීමේ හැකියාවද මෙහි ලබා දී තිබෙනවා.


ඔයත් Threads භාවිතා කරනවා නම් මේ Link එකෙන් ගිහින් Android වැඩකාරයෝ අපිවත් Follow කරන්න අමතක කරන්න එපා. Threads Web Version එක ගැන ඔබේ අදහස කුමක්ද? කතා කරමු Comment Section එකෙන්.

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna