මුදල් ගෙවා Verification ලබා ගැනීමේ පහසුකම ලබා දෙන බව Mark Zukerburg විසින් නිල වශයෙන් නිවේදනය කර​යි

මුදල් ගෙවා Verification ලබා ගැනීමේ පහසුකම ලබා දෙන බව Mark Zukerburg විසින් නිල වශයෙන් නිවේදනය කර​යි

Twitter මෙන්ම Facebook හා Instagram තුළත් Verification Subscription එකක් හඳුන්වා දීමට සුදානම් බවට අපි ඔබට මීට පෙර වාර්තා කළා.

මෙලෙස මුදල් ගෙවා Verified Badge එක ලබා ගත හැකි වන්නේ Profile සදහා පමණක් වන අතර මුදල් ගෙවිමෙන් තොරවත් දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේදය ඔස්සේ Profiles සහ Pages සදහා Verified Badges ලබා ගත හැකි වනවා. මෙලෙස මුදල් ගෙවිමෙන් තොරව Verified Badge එක ලබා ගැනිමේදි සම්පූර්ණ කිරිමට සිදු වන Criteriaවලට වඩා Meta Verified Subscription එක ලබා ගැනිම සදහා සම්පූර්ණ කළ යුතු Criteria සම්පූර්ණ කිරිම මුදල් ගෙවා ලබා ලබා ගන්නා පහසුකමක් බැවින් පහසු වනු ඇති බව දක්වන්න පුලුවන්.

මේ පිළිබඳව Meta සමාගමේ CEO Mark Zukerburg විසින් නිල වශයෙන් නිවේදනය කොට තිබෙනවා.

එහි ඔහු දක්වා තිබෙන්නේ මෙය ලබා ගැනීමෙන් ඔබගේ ගිණුමට අමතර ආරාක්ෂාවක් මෙන්ම ඔවුන්ගේ Customer Support එක සමග ඍජුවම සම්බන්ධ වීමටද අවස්ථාව හිමිවන බවයි. මෙය ලබා ගැනීම සඳහා රජය විසින් ලබා දෙන හැදුනුම්පත අවශ්‍ය වන අතර මෙය Android හා Web users ලාට මාසයකට $11.99ක් ද iOS users ලාට $14.99ක් ද වනවා.

මෙම Verification Subscription එක මෙම සතිය තුළ Meta සමාගම විසින් ඕස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට නිකුත් කිරීමට බලාපොරොත්තු වන අතර ඉදිරියේදී ක්‍රමයෙන් අනෙකුත් රටවල් සඳහාද නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

Sources: www.cbsnews.com www.bbc.com www.nytimes.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna