Meta සමාගමෙන් සේවකයන් 11,000ක් ඉවතට, Portal සහ Smartwatch Projects නවතා දමයි

Meta සමාගමෙන් සේවකයන් 11,000ක් ඉවතට, Portal සහ Smartwatch Projects නවතා දමයි

Mark Zuckerberg විසින් Meta සමාගම ආරම්භ කිරීමෙන් පසුව ගතවූ කාලය තුළ නවතම තාක්ෂණික උපාංග නිකුත් කිරීම සහ ඒවා වෙළඳපොල තුළ සහ පාරිභෝගිකයන් අතර මහත් සේ ජනප්‍රියතාවයට පත් වීම දැකගත හැකිවිය.

කෙසේ වෙතත් පසුගිය දිනවල Meta සමාගම විසින් සිය ආයතනය වෙත සේවය කළ සේවකයන් 11,000 පමණ විශාල ප්‍රමාණයක් සේවයෙන් ඉවත් කිරීමත් සමග Meta හි Electronics Hardware ආශ්‍රිත නිශ්පාදනයන් කැපී පෙනෙන ලෙස අඩු වීමක් පෙන්නුම් කරන බව නිරීක්ෂණය කළ හැකි කරුණක් විය. මෙලෙස සේවකයන් ඉවත් කිරීම මුළු සේවක ප්‍රමාණයෙන් 13% ක් පමණ සැලකිය යුතු ප්‍රමාණයක් වන අතර එය මෙම වසර තුළ සිදුකළ විශාලතම සේවක කප්පාදුව ලෙස සැලකිය හැකි වේ.

මේ සමගම පසුගිය දිනෙක Meta සමාගම විසින් සිදුකළ නිවේදනයක සඳහන් වන්නේ එම සමාගම විසින් ඉදිරියේදී නිකුත් කිරීමේ අපේක්ෂාවෙන් සිදුකළ Portal සහ Smartwatch හා සම්බන්ධ Projects කිහිපයක් ඉදිරියට සිදුකරගෙන යාම අත්හිටවූ බවයි.

Portal Project හා සම්බන්ධ නිශ්පාදනය ලෙස Video Calling Hardware නිශ්පාදනය කරනු ලබන අතර මෙම සේවක කප්පාදුව හේතුවෙන් එම නිශ්පාදන ඉදිරියේදී ව්‍යාපාර සහ වෙළඳපොළ වෙත නිකුත් කිරීම සීමා කර ඇති බව එම සමාගම සඳහන් කරනු ලබයි. Meta සමාගම විසින් නිශ්පාදනය කරනු ලබන මෙම Portal Hardware පිළිබඳව මෙම සබැඳිය ඔස්සේ නිරීක්ෂණය කල හැක. එම Hardware නිශ්පාදන කිහිපයක් පහත සඳහන් වේ.

0:00
/

එමෙන්ම Meta සමාගම විසින් සිය නවතම නිශ්පාදනයන් ලෙස සිදුකරමින් පැවති Smartwatch දෙකක් සඳහා සිදුකළ Projects නවතා දමන බව සඳහන් කර ඇත. මෙම Projects මූලික මට්ටමේ සහ අවසන් අදියරේ පැවති අතර සමාගම විසින් තීරණය කර තිබී ඇත්තේ 2023 වසර වන විට මෙම Smartwatch වෙළඳපොල වෙත නිකුත් කිරීමටය.

කෙසේ වෙතත් මෙම සිද්ධි දාමයත් සමග ඉදිරියේදී කුමන ආකාරයකින් මෙය තාක්ෂණික ලෝකය වෙත බලපෑමක් එක් කරයි ද යන්න පිළිබඳව බොහෝ විචාරකයන් වෙත ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. මේ පිළිබඳව තවදුරටත් තොරතුරු දැන ගැනීම සඳහා අප සමග රැඳී සිටින්න.

Sources: screenrant.com www.theverge.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara