දත්ත අනිසි පරිහරණ කිරීම හේතුවෙ​න් Meta සමාගමට යුරෝ බිලියන 1.2ක දඩයක්

Meta සමාගම වෙත එල්ල කර ඇති චෝදනාව වන්නේ Facebook යෙදවුම හරහා ලබාගන්නා ලද පරිශීලක දත්ත යුරෝපය සහ එක්සත් ජනපදය අතර හුවමාරු කිරීමේදී එම දත්ත වැරදි ලෙස පරිහරණය කිරීමයි.

දත්ත අනිසි පරිහරණ කිරීම හේතුවෙ​න් Meta සමාගමට යුරෝ බිලියන 1.2ක දඩයක්

අප විසින් එදිනෙදා භාවිතා කරන සමාජ මාධ්‍ය සහ අනෙකුත් යෙදවුම් සහ සේවාවන් මගින් පරිශීලක දත්ත ලබාගැනීම සිදුවන බව ප්‍රකට රහසක් වූවත් විවිධ රටවල් මගින් එම දත්ත පරිහරණය කිරීම නියාමනයකට ලක් කිරීමට අවශ්‍ය වන නීති සම්පාදනය කර තිබේ. එලෙස නීති සම්පාදනය කිරීම මගින් විවිධාකාරයෙන් පරිශීලක දත්ත ලබාගන්නා සමාගම් එම දත්ත පරිහරණය කරන්නේ කෙසේද යන්න නිරික්ෂණය කරනු ලබයි.

Source: themorning.lk

එලෙස පරිශීලක දත්ත නියාමනය කරන්නා වූ සංවිධානයක් වන අයර්ලන්තයේ Data Protection Commission (දත්ත ආරක්ෂණ කොමිසම) විසින් මෙම ක්‍රියාමාර්ග ලබාගෙන ඇති අතර Meta සමාගම වෙත එල්ල කර ඇති චෝදනාව වන්නේ Facebook යෙදවුම හරහා ලබාගන්නා ලද පරිශීලක දත්ත යුරෝපය සහ එක්සත් ජනපදය අතර හුවමාරු කිරීමේදී එම දත්ත වැරදි ලෙස පරිහරණය කිරීමයි.

මෙම හේතුව නිසා Facebook හි හිමිකාරී සමාගම වන Meta සමාගම වෙතට මෙම යුරෝ බිලියන 1.2 ක දඩ මුදලක් නියම කර ඇත. මෙය වාර්තා වන්නේ EU හි සාමාන්‍ය දත්ත ආරක්ෂණ රෙගුලාසි (General Data Protection Regulation (GDPR)) නීතිය යටතේ නියම කර ඇති විශාලතම දඩ මුදල ලෙසයි. මෙලෙස යුරෝපා සංවිධානය විසින් පරිශීලක දත්ත නියාමනය කිරීම සඳහා නියම කර ඇති රෙගුලාසි වන GDPR පිළිබඳව මෙම සබැඳිය ඔස්සේ වැඩිදුරට අධ්‍යනය කිරීම සිදුකළ හැක.

කෙසේ වෙතත් මෙලෙස පරිශීලක දත්ත යුරෝපයෙන් පිටතට නිරාවරණය වීම ඔවුනගේ ආරක්ෂාවට තර්ජනයක් වන බව සඳහන් කර ඇති පසුබිමක Meta සමාගම සඳහන් කරනු ලබන්නේ මෙලෙස ලබාගත් "අසාධාරණ සහ අනවශ්‍ය" තීන්දුවට එරෙහිව අභියාචනා කරන බවයි.

Sources: www.bbc.com www.theguardian.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna