Facebook App එක සදහා නැවත Messenger පහසුකම ලබා දීමට සුදානම් වන බවට තොරතුරු වාර්තා වේ

Facebook App එක සදහා නැවත Messenger පහසුකම ලබා දීමට සුදානම් වන බවට තොරතුරු වාර්තා වේ

එවකට Facebook සමාගම විසින් 2014 වසරේදී පමණ Facebook App එකෙන් in App Chat Feature එක ඉවත් කර Messenger App එක හදුන්වා දෙනු ලැබුවා. ඉන් පසුව ඔබට Facebook Message පහසුකම නැතිනම් Messenger භාවිත කිරිමට අවශ්‍ය නම් Messenger App එක Download කර ගත යුතු වුවා.

කෙසේ වෙතත් Meta සමාගම විසින් නැවතත් අතිතයේ මෙන් Facebook App එක තුලින්ම Messenger භාවිත කිරිමේ හැකියාව යළි ලබා දිම සදහා කටයුතු කරමින් සිටින බවට ඔවුන්ගේ Blog Post එකක් හරහා වාර්තා කර තිබෙනවා. එයට අනුව ඉදිරියේදි Facebook App එක ඔස්සේ ද Messenger වෙත ප්‍රවිශ්ඨ විමේ හැකියාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

මේ පිළිබඳ නිල නොවන අයුරින් පසුගිය වසරේදි තොරතුරු වාර්තා වු අතර එහිදි Social media consultant කෙනෙකු වෙන Matt Navarra විසින් එම හැකියාව පිළිබඳව පළ කර Twitter සටහන පහත පරිදි වෙනවා.

කෙසේ වෙතත් තවමත් එම Blog Post එකෙහි සදහන් තොරතුරුවලට අමතරව ⁣මේ පිළිබඳ වෙනත් කිසිදු තොරතුරක් Meta සමාගම විසින් ප්‍රකාශයට පත් කර නොමැති වන අතර ඉදිරියේදි මේ පිළිබඳ තවත් තොරතුරු Meta සමාගම විසින් නිල වශයෙන්ම ප්‍රකාශයට පත් කරනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Sources: Facebook BGR

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna