WhatsApp Business හරහා ලැබෙන පණිවුඩ සඳහා Message Ratings පහසුකම ලබා දීමට සූදානම් ​වේ

WhatsApp Business හරහා ලැබෙන පණිවුඩ සඳහා Message Ratings පහසුකම ලබා දීමට සූදානම් ​වේ

WhatsApp Business Accounts වලින් ලැබෙන පණිවිඩ සදහා ශ්‍රේණිගත කිරිමේ (Rating) ක්‍රමවේදයක් ලබා දිමට ඔවුන්ගේ විසින් මේ වෙන විට කටයුතු කරමින් සිටින අතර මේ වෙන විටත් මෙය තෝරාගත් Beta Usersලා සදහා පරික්ෂා කිරිමට ලබා දි තිබෙනවා.

මේ ඔස්සේ Business ගිණුම් මගින් ඔබ වෙත ලබා දෙන සේවාවට අදාල පණිවිඩ සදහා ඔබගේ ශ්‍රේණිගත කිරිම ලබා දිය හැකි වෙනවා. මෙසේ ඔබට යම් ශ්‍රේණිගත කිරිමක් ලබා දිය යුතු පණිවිඩ මත Tap & Hold කිරිම මගින් මේ නව Option එක ලබා ගත හැකි වෙනවා.

මේ විශේෂාංගය ඔබ වෙත Business Accountවලින් ලැබෙන පණිවිඩ සදහා පමණක් වලංගු වෙන අතර ඔබ විසින් යම් පණිවිඩයක් ශ්‍රේණිගත කළ පසු එය කවුරැන් විසින් ශ්‍රේණිගත කරන ලද්දේ ද හෝ පණිවිඩය කුමක්ද යන්න පිළිබඳ ⁣WhatsApp හෝ වෙනත් පාර්ශවයකට ලබා ගත නොහැකි වෙනවා. ඒ ඔබ විසින් ලබා දුන් ශ්‍රේණිගත කිරිම නිර්ණාමිකව සටහන් වෙන බැවින්. එමෙන්ම එම පණිවිඩයේ අන්තර්ගතය end-to-end encrypted නිසා එය අන් පාර්ශවයකට ද ලබා ගත නොහැකි වෙනවා.

ඒ වගේම WhatsApp Business ගිණුමේ හිමිකරැ හටත් මේ ශ්‍රේණිගත කිරිම පිළිබඳ තොරතුරු ලැබෙන අතර ඒවා සියල්ලත් නිර්ණාමිකව ලැබෙනවා. මේ මගින් ඔවුන් විසින් ලබා දෙන සේවය පිළිබඳ පාරිභෝගිකයන්ගේ තෘප්තිමත් බාවය පිළිබඳ අදහසක් ගැනිමටත් හැකි වෙනු ලබනවා.

Source: WABetaInfo

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna