Snapdragon 8 Gen 1 සහ Exynos 2200 පරදවමින් MediaTek Dimensity 9000 chipset එක performances වලින් ලොව මුල්තැනට පත්​වේ

Snapdragon 8 Gen 1 සහ Exynos 2200 පරදවමින් MediaTek Dimensity 9000 chipset එක performances වලින් ලොව මුල්තැනට පත්​වේ

ලෝකයේ ප්‍රධාන පෙලේ SoC නිපදවන්නන් වන MediaTek, Qualcomm ස්වහ Samsung සමාගම් වල Dimensity, Snapdragon සහ Exynos චිප්සෙට් වලින් මේ වන විටත් ලොව ජංගම දුරකතන විශාල ප්‍රමාණයක් බල ගැන්වෙනු ලබනවා. මේ අතුරින් මේ වන විටත් එලි දක්වා ජංගම දුරකතන බල ගැන්වීමට භාවිතා වන නවත​ම SoC එක වන්නේ Snapdragon 8 Gen 1 නම් වන Qualcomm සමාගමේ නවතම chipset එකයි.

Snapdragon 8 Gen 1 chipset එක මේ වන විටත් දුරකතන සමඟින් තම බලය පෙන්වමින් සිටින අත​ර ඒ හා තරඟ වැදීමට ඉදිරියේදී නිකුත් වීමට නියමිත MediaTek සමාගමේ Dimensity 9000 සහ Samsung සමාග​මේ Exynos 2200 වලින් බල ගැන්වෙන ජංගම දුරකතනයන් වෙළඳපලට නිකුත් වී නැහැ. එබැවින් ඒවා​යේ නියම ප්‍රතිදානයන් අපට සැබෑ ලෝකයේදී බලා ගැනීමට නොහැකි නමුත් මෑතකදී නිකුත් වූ Geekbench 5හි වාර්තාවකට අනුව MediaTek සමාගමේ Dimensiti 9000 නම් වන නවතම chipset එක Android ජංගම දුරකතන ලොවේ පෙරමුණ ගැනීමට සමත් වෙතැයි මත පල වනවා.

ලොව සුපතල tipster කෙනෙකු වන Ice Universe විසින් Geekbench 5හි ප්‍රතිඵලයක් උපුටාගෙ​න Twitterහි පණිවුඩයක් තබා තිබූ අතර එමඟින් පෙන්නුම් කෙරුනේ Dimensity 9000 chipset එක Snapdragon 888, Snapdragon 8 Gen 1 සහ Exynos 2200 යන chipset ත්‍රිත්වයම පරදවමින් ඒවාට වඩා වැඩි multi-threaded සහ single-threadedහි ලකුණු එක්‍රැස් කරතිබෙන ආකාරයයි. නමුත් Apple සමාගමේ නවතම ජංගම දුරකතන සඳහ යොදාගෙන ඇති A15 chipset එක තවමත් ලොව බලවත් ජංගම දුරකතන chipset එක ලෙසින් කිරුළු පැළඳ සිටින්නේ Dimensity 9000 දෙවන ස්ථානයට පත් කරමින්.

නමුත් මෙහෙඉදී විශේෂයෙන්ම සඳහන් කල යුතු කරුණක් වන්නේ Exynos 2200 සහ Dimensity 9000 යන chipset ද්විත්වයම මේ වන තුරුත් ජංගම දුරකතන සමඟින් පැමිණ නැති අතර, දුරකතනන් සමඟින් මේවා වෙළඳ පලට නිකුත් වන විට මෙම අගයන් බොහෝ සෙයින් වෙනස් වීමේ ඉඩකඩ පවතිනු ඇත.

Source: Ice Universe

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara