Mid-Range ජංගම දුරකථන සඳහා 5G සහය ලබාදීමට MediaTek ආයතන විසින් Dimensity 800U chipset එක එලිදක්වයි
![Mid-Range ජංගම දුරකථන සඳහා 5G සහය ලබාදීමට MediaTek ආයතන විසින් Dimensity 800U chipset එක එලිදක්වයි](/content/images/size/w1200/2020/08/mediatek-dimensity-800.jpg)
Dimensity chipsets එකත් සමග MediaTek විසින් ඔවුන්ගේ නව 5G Chipset එකක් වෙන Dimensity chipset එක පසුගිය දිනක හදුන්වා දුන්නා. මේ Dimensity chipset එක කියන්නේ Mid-Range Devicesවලටත් 5G Connectivity ලබා දිමට බෙහෙවින් වැදගත් වෙන Chipset එකක් කියන්න පුළුවන්. මේ Dimensity 800U chipset එක නිසා අඩු Cost එකකින් 5G Connectivity එක Mid-Range Smartphone සදහා ලබා දෙන්න හැකියාව ලැබෙනවා.
ඔවුන් මේ Chipset එක ගැන මේ ආකාරයේ කෙටි හැදින්විමක් දක්වලා තියෙනවා.වැඩි විස්තර මෙතනින්.
“Ultra-Connected Dual 5G chip that Balances Immense CPU Speeds with an Efficiency-Focused Design"
Dimensity 800U කියන්නේ 7nm TSMC FinFET ක්‍රියාවලිය මගින් සැකසු Octa-core Chipset එකක්. මෙය 2.4GHz ARM Cortex-A76 Cores දෙකකින් හා 2.0GHz Cortex-A55 cores හයකින් සමන්විත වෙනවා. ඒ වගේම මෙහි Mali-G57 MC3 GPU එකක්ද දක්නට පුළුවන්.
සමගම 5G Modemමය පැමිණෙන අතර මේ නිසා Dual-SIM Dual-Standby, Dual-mode 5G (SA/NSA) හා Carrier Aggregation සදහා සහය දක්වනවා. මේ සියල්ලටම MediaTek හි 5G UltraSave තාක්ෂණයෙන් සහය ලබා දිලා තිබෙනවා.
![](https://backend.androidwedakarayo.com/content/images/2020/08/MediaTek-Dimensity-800U-highlights.jpg)
මේ Chipset එකට Camera හා Security Enhancement සිදු කිරිමට වෙනම ක්‍රියාකරන Independent AI processing unit (APU) එකක් ඇතුලත් වෙනවා. එය 12GB දක්වා 2133MHz LPDDR4x වර්ගයේ RAM සදහා ද UFS 2.2-type Internal Storage සදහාද සහය දක්වනවා. ඒ වගේම මේ Chipset එක නිසා Mid-Range Smartphoneවලට 120Hz Refresh Rate එකක් සහිත Display ලබා දිමටත් හැකි වෙනවා. ඒ වගේම Full-HD+ හා MediaTek හි MiraVision තාක්ෂණය මගින් HDR10+ සදහාද මේ Chipset එක හොදින් සහය දක්වනු ඇත.
ඒ වගේම මේ Chipset එකෙන් Single 64MP sensor හෝ 20MP+16MP Dual-camera Setup එකක් දක්වා ඉතා හොදින් Perform කරන්න පුළුවන්. මිට අමතරව මේ Chipset එක මගින් 4K video Recording, HDR-ISP, Multi-frame noise reduction හා තවත් ගොඩක් Camera features අපිට භාවිත කරන්න අවස්ථාව Mid-Range Device එකකින් ලැබෙනවා.
විශේෂයෙන්ම මේ Chipset එක හරහා Mid-range Devices වෙතද 5G තාක්ෂණය ගෙන ඒමට එහි නිෂ්පාදකයාට හැකි වෙනවා. ඒ තුලින් අපිටත් Flagship Device එකකටම යන්නේ නැතුව 5G Experience එක වගේම හොද Features තියෙන Mid-range Device එකක් පාවිච්චි කරන්නත් අවස්ථාව ලැබෙන බව කියන්න පුළුවන්.