Credit සහ Debit කාඩ් පත් වලින් කාන්දම් තීරුව ඉවත් කිරීමට Mastercard ආයතනය සූදානම් වේ

Credit සහ Debit කාඩ් පත් වලින් කාන්දම් තීරුව ඉවත් කිරීමට Mastercard ආයතනය සූදානම් වේ

දශක ගණනාවක් සිට වර්තමානය දක්වාම Credit හා Debit Card පත්වල අනිවාර්‍යෙන්ම දැකිය හැකි අංගයක් ලෙස Magnetic Stripe එක සදහන් කරන්න පුළුවන්. කෙසේ නමුත් Mastercard සමාගම විසින් ඔවුන්ගේ Credit හා Debit Card පත් තුලින් මේ Magnetic Stripe එක ඉවත් කිරිම සදහා මේ වෙන විට කටයුතු සිදු කරමින් ඉන්නවා. ඒ අනුව Magnetic Stripe එක තම Credit හා Debit Card පත්වලින් ඉවත් කිරිමට කටයුතු කළ ලොව පළමු Payments Network එක ලෙස Mastercard හදුන්වා දෙන්න පුළුවන්.

Mastercard with magnetic stripe

Magnetic Stripe එකත් සමග Credit හා Debit Card පත් මගින් මුදල් ගෙවිමේදි කාඩ්පත මුදල් ගෙවන යන්ත්‍රය මත Swipe කිරිම අත්‍යවශ්‍ය වුණ අතර මේ වෙන විට බොහෝ විට සිදු වෙන්නේ මෙලෙස Swipe කිරිමට වඩා මුදල් ගෙවන යන්ත්‍රය තුලට දමා ආපහු ගැනිම හෝ එය මත තබා ඉවතට ගැනිමයි. මේ නිසා වර්තමානය වෙන විට Credit හා Debit Card පත්වල Magnetic Stripe එක තිබිම අත්‍යවශ්‍යම අංගයක් නොවන බවට පත් වි තිබෙනවා. එමෙන්ම මේ වෙන විට Card පත්වල භාවිත වෙන නව තාක්ෂණයත් සමග මේ Magnetic Stripe එකේ අවශ්‍යතාවය අවම බව කිව යුතුයි.

Mastercard without Magnetic Stripe 

වර්තමානයේ භාවිත වෙන Credit හා Debit Card පත්වල අඩංගු Chip එක මගින් පෙරට වඩා ආරක්ෂිත ගණුදෙනු සදහා අවස්ථාව ලබා දෙන අතර මේ මගින් ඉතා ඉක්මන් Contactless Payments සහාත් පහසුකම් ලබා දෙනවා. ඒ වගේම Mastercard විසින් මේ වෙන විට ආරක්ෂාව සදහා ප්‍රමුඛත්වය ලබා දුන් Biometric Credit හා Debit Cards පිළිබඳවත් කටයුතු කරමින් සිටින අතර මේ Biometric Cardsවල පවතින Fingerprint Reader එක මගින් භාවිත කරන්නාට වඩා හොද ආරක්ෂාවක් ලබා දිමේ හැකියාව ලැබෙනවා.

Biometric Mastercard
Biometric Mastercard

Mastercard සමාගම විසින් දක්වන ආකාරයට ඔවුන්ගේ Credit හා Debit Card පත්වල Magnetic Stripe එක පැවතිම 2024 සිට අත්‍යවශ්‍ය නොවන අතර 2023න් පසුව ඔවුන් විසින් නිකුත් කරනු ලබන Credit හා Debit Card පත් සදහා Magnetic Stripe එක එක් කිරිම නවත්වා දැමිමට මේ වෙන විට තිරණය කර තිබෙන බවත් ඔවුන් දක්වා තිබෙනවා.

Source : Mastercard, Pc Mag

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara