නිරාවරණය වුනු Facebook ගිණුම් මිලියන 533 අතර Mark Zuckerbergගේ ගිණුමත් හමුවෙයි

නිරාවරණය වුනු Facebook ගිණුම් මිලියන 533 අතර Mark Zuckerbergගේ ගිණුමත් හමුවෙයි

මීට දින කිහිපයකට ඉහතදී Facebook පරිශීලකයන් මිලියන 533කගේ පෞද්ගලික තොරතුරු රැසක් හැකර්වරයෙකු විසින් අන්තර්ජාලයට නොමිලේ නිරාවරණය කරනු ලැබුවා.

මේ ආකාරයට ප්‍රසිද්ධියට පත් දත්තයන් අතර මෙහි බලපෑමට ලක්වූ Facebook පරිශීලකයන්ගේ දුරකතන අංකයන්, සම්පූර්ණ නම, උපන්දිනය, විද්‍යුත් තැපෑල් ලිපිනය, උපන් ස්ථානය, Facebook ID සහ අනෙකුත් ජීව දත්තයන් ආදිය අඩංගු වෙනවා. මේ සතුව ඇමරිකා එක්සත් ජනපදයේ මිලියන 32ක පරිශීකයන්ගේ දත්තයන්ද, ඉන්දියාවේ මිලියන 6ක පරිශීලකයන්ගේ දත්තයන්ද, එක්සත් රාජධානියේ මිලියන 11ක පරිශීලකයන්ගේ දත්තයන්ද ඇතුලත් වී තිබෙනවා.

මෙම සිද්ධිය පිළිබදව නිකුත් වන නවතම තොරතුරු වලට අනුව නිරාවරණය වූ පෞද්ගලික තොරතුරු අතර Facebook සමාගමේ නිර්මාතෘ සහ CEO ලෙස කටයුතු කරන Mark Zuckerberg මහතාගේ සහ Facebook සමාගමේ සම නිර්මාතෘ වරුන් වන Chris Hughes සහ Dustin Moskovitz යන අයගේ දුරකථන අංකයන්ද ඇතුලත් වන බව සදහන් වෙනවා.

Red Team Researcher කෙනෙකු ලෙස කටයුතු කරන Dave Walker මහතා twitter පණිවිඩයක් මගින් සදහන් කරන්නේ මෙසේ නිරාවරණය වූ Mark Zuckerberg මහතාගේ දුරකථන අංකය, පෞද්ගලිකත්වය කේන්ද්‍ර කරගත් පණිවුඩකරණ යෙදුමක් වන Signal තුළද Mark Zuckerberg යන නමට ලියාපදිංචි කර ඇති බවයි.

Source: thehackernews

Read more

තාමත් වැඩ කරන ඔයාගේ පරණ Android phone එකෙන් අද කාලේ කරන්න පුලුවන් වැඩ 10ක් මෙන්න

තාමත් වැඩ කරන ඔයාගේ පරණ Android phone එකෙන් අද කාලේ කරන්න පුලුවන් වැඩ 10ක් මෙන්න

ඉතින් මේ වෙනකොට ඔයාගේ ගෙදරටත් බොහෝ විට දැන් වැඩකට ගන්නේ නැති පරණ Android Smartphone එකක් පැත්තකට දාලා තියෙන්න පුලුවන්. ඉතින් මේ විදිහට ඔයා පැත්තකට දාලා

By Bhasura Nuwan Kularathna
Samsung සමාගම විසින් Galaxy Z Fold 6 හා Galaxy Z Flip 6 එළිදැක්වීමට කටයුතු කර​යි

Samsung සමාගම විසින් Galaxy Z Fold 6 හා Galaxy Z Flip 6 එළිදැක්වීමට කටයුතු කර​යි

Samsung සමාගම විසින් මීට පෙර නිවේදනය කර තිබුණ ආකාරයටම පසුගියදා (ජුලි 10) ඔවුන්ගේ නවතම Samsung Galaxy නිෂ්පාදන එළිදැක්වීමේ Galaxy Unpacked Event එක පැවැත් වුවා. මෙ

By Bhasura Nuwan Kularathna
ඇමරිකානු ඩොලර් මිලියනයක් වටිනා Home page එ​කේ කතා​ව

ඇමරිකානු ඩොලර් මිලියනයක් වටිනා Home page එ​කේ කතා​ව

Dollar මිලියනයක් වටින වෙබ් පිටුව. මේක ඩොලර් මිලියනයක් වටින්නෙ ඇයි?. මේකෙ පසුබිම් කතාව මොකක්ද? මේ සිද්දිය වෙන්නෙ 2005 දී. Alex Tew කියන ශිෂ්‍යයා එයා

By Dimal Jay
ඇඟිල්ලට දාන මුද්ද smart කරමින් Samsung විසින් Galaxy Ring එලිදක්ව​යි

ඇඟිල්ලට දාන මුද්ද smart කරමින් Samsung විසින් Galaxy Ring එලිදක්ව​යි

Samsung සමාගම විසින් මීට පෙර නිවේදනය කර තිබුණ ආකාරයටම ජුලි 10 දි න ඔවුන්ගේ නවතම Samsung Galaxy නිෂ්පාදන එළිදැක්වීමේ Galaxy Unpacked Event එක පැවැත්වුවා. මෙහි

By Bhasura Nuwan Kularathna