නිරාවරණය වුනු Facebook ගිණුම් මිලියන 533 අතර Mark Zuckerbergගේ ගිණුමත් හමුවෙයි

නිරාවරණය වුනු Facebook ගිණුම් මිලියන 533 අතර Mark Zuckerbergගේ ගිණුමත් හමුවෙයි

මීට දින කිහිපයකට ඉහතදී Facebook පරිශීලකයන් මිලියන 533කගේ පෞද්ගලික තොරතුරු රැසක් හැකර්වරයෙකු විසින් අන්තර්ජාලයට නොමිලේ නිරාවරණය කරනු ලැබුවා.

මේ ආකාරයට ප්‍රසිද්ධියට පත් දත්තයන් අතර මෙහි බලපෑමට ලක්වූ Facebook පරිශීලකයන්ගේ දුරකතන අංකයන්, සම්පූර්ණ නම, උපන්දිනය, විද්‍යුත් තැපෑල් ලිපිනය, උපන් ස්ථානය, Facebook ID සහ අනෙකුත් ජීව දත්තයන් ආදිය අඩංගු වෙනවා. මේ සතුව ඇමරිකා එක්සත් ජනපදයේ මිලියන 32ක පරිශීකයන්ගේ දත්තයන්ද, ඉන්දියාවේ මිලියන 6ක පරිශීලකයන්ගේ දත්තයන්ද, එක්සත් රාජධානියේ මිලියන 11ක පරිශීලකයන්ගේ දත්තයන්ද ඇතුලත් වී තිබෙනවා.

මෙම සිද්ධිය පිළිබදව නිකුත් වන නවතම තොරතුරු වලට අනුව නිරාවරණය වූ පෞද්ගලික තොරතුරු අතර Facebook සමාගමේ නිර්මාතෘ සහ CEO ලෙස කටයුතු කරන Mark Zuckerberg මහතාගේ සහ Facebook සමාගමේ සම නිර්මාතෘ වරුන් වන Chris Hughes සහ Dustin Moskovitz යන අයගේ දුරකථන අංකයන්ද ඇතුලත් වන බව සදහන් වෙනවා.

Red Team Researcher කෙනෙකු ලෙස කටයුතු කරන Dave Walker මහතා twitter පණිවිඩයක් මගින් සදහන් කරන්නේ මෙසේ නිරාවරණය වූ Mark Zuckerberg මහතාගේ දුරකථන අංකය, පෞද්ගලිකත්වය කේන්ද්‍ර කරගත් පණිවුඩකරණ යෙදුමක් වන Signal තුළද Mark Zuckerberg යන නමට ලියාපදිංචි කර ඇති බවයි.

Source: thehackernews

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara