Amazon, reddit සහ CNN ඇතුලු තවත් ලොව ප්‍රධාන පෙලේ වෙබ් අඩවි රාශියක් එකවර බිඳ වැටේ: Updated

Amazon, reddit සහ CNN ඇතුලු තවත් ලොව ප්‍රධාන පෙලේ වෙබ් අඩවි රාශියක් එකවර බිඳ වැටේ: Updated

මීට සුලු මොහොතකට පෙර Financial Times, New York Times, Bloomberg News සහ තවත් ප්‍රමුඛපෙළේ ජනමාධ්‍ය Web අඩවි කිහිපයක් බිඳවැටී ඇති බව තොරතුරු වාර්තා වේ.

මේ ආකාරයට CNN සහ  LeMonde වෙබ් අඩවි වලට පිවිසීමේදී පිවිසීමට අවහිර කරමින් Error Messages පෙන්වූ අතර Al Jazeera වෙබ් අඩවියටද පිවිසීමේදී ද බාධා ඇති වූ බව එම පුවත්වාර්තා සඳහන් කරයි.

මීට අමතරව Amazon වෙබ්අඩවියද තාවකාලික බිඳ වැටීමකට ලක් ව තිබූ අතර මෙම ලිපිය ලියන අවස්ථාවේදී Amazon ආයතනය මගින් කිසිදු ආකාරයේ අදහසක් මේ පිලිබඳව දක්වා නැත.

Downdetector වෙබ් අඩවිය විසින් මේ වන විට ප්‍රවේශ වීමට අපහසුතා පැන නැග ඇති වෙබ් අඩවි සහ සේවාවන් පිළිබඳව ඉහත ආකාරයට දක්වා ඇත.

බ්‍රිතාන්‍ය Guardian මාධ්‍ය සමාගමේ Web අඩවියට සහ App වලට පිවීසීමේ බාධා ඇති වී ඇති බව පවසයි. එසේම, එක්සත් රාජධානියේ ප්‍රධානම රාජ්‍ය ජනමාධ්‍ය වෙබ් අඩවියද බිඳවැටී ඇති බව තොරතුරු වාර්තා වේ.

BBC සහ New York Times වෙබ් අඩවි තාවකාලිකව බිඳ වැටී තිබූ අතර මේ වන විට එක වෙබ් අඩවි යථා තත්වයට පත් වී ඇති බව සඳහන් වේ. එසේම, CNN  වෙබ් අඩවියට ඇතුල් විය නොහැකි ලෙස අවහිර වී තිබේ.

කෙසේ නමුදු,  "Android වැඩකාරයෝ" අඩවිය යථා තත්වයේ පවතින අතර ඔබට තාක්ෂණික පුවත් වඩා විශ්වාසනීයත්වයෙන් ලබාගැනීමට කිසිදු ආකාරයේ බාධාවක් නොමැති බව මතක් කර සිටිමු.

වඩා එක්මනින් තොරතුරු ලබාගැනීමට අපගේ නිල Telegram සමූහය හා එක් වන්න.


Update: June 8, 2021 5:33PM

Fastly CDNහි සිදු වූ බිඳ වැටීමක් මෙම තත්වයට හේතු වී ඇති බව මේ වන විට සොයාගෙන ඇති අතර ඒ පිලීබඳව Fastly CDN විසින් මේ වන තුරුත් මෙම සිද්ධිය පිලිබඳව කිසිඳු ප්‍රකාශයක් නිකුත් කර නැත. කෙසේ වෙතත් ඔවුන්ගේ status page එකේ මේ පිලිබඳව සටහන්ව ඇත.

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara