Elon Musk සහ Barack Obama, ඇතුලු කිහිප දෙනෙකුගේ නිල Twitter ගිණුම් Hack කිරීම සම්බන්ධව පුද්ගලයෙකු අත්අඩංගුවට

Elon Musk සහ Barack Obama, ඇතුලු කිහිප දෙනෙකුගේ නිල Twitter ගිණුම් Hack කිරීම සම්බන්ධව පුද්ගලයෙකු අත්අඩංගුවට

ස්පාඤ්ඤ පොලිසීය විසින් ඊයේ දිනයේදී වයස අවුරුදු 22 ක් වූ එක්සත් රාජධානියේ විසූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ ලෝක ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන Elon Musk, හිටපු ඇමරිකානු ජනාධිපතිවරයෙකු වන බැරැක් ඔබාමා ඇතුලුව 130 කට අධික Twitter ගිණුම් Hack කිරීම සම්බන්ධයෙන්.

මේ ආකාරයට මොහු විසින් Hack කරන ලද Twitter ගිණුම් හරහා ගිය වසරේ ජූලි මාසයේදී  විශාල වශයෙන් "Bitcoin Scam" සිදු කර ඇතැයි වාර්තා වෙනවා.

මේ වන විට ඔහු විසින් Twitter ගිණුම් වලට අමතරව Tiktok ගිණුම් සහ Snapchat ගිණුම් Hack කිරීම සම්බන්ධයෙනුත් චෝදනා ලබා තිබෙනවා.

මේ වන විට ඇමරිකාවේ මධ්‍යම රහස්පරීක්ෂක (Federal Bureau of Investigation) හෙවත් FBI ආයතනය මේ පිළිබඳව පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යන අතර, ඇමරිකානු පරිගණක අපරාධ සම්බන්ධ ඒකකය මෙන්ම ඇමරිකානු බුද්ධි අංශයද මේ පිළිබඳව පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යන බව ඇමරිකාව සඳහන් කරනවා.

කෙසේනමුදු, අදාල සමාජමාධ්‍ය ආයතන මඟින් පවසා ඇත්තේ හැකර් වරුන් විසින් ​ආයතන වල වැඩ කරන සේවකයන් රවටා ඒ හරහා දත්ත ගබඩා වලට ඇතුලු වී ඇති බවයි.

Source - America Justice  

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna