Google Ads හරහා Trojan එකක් ඇතුලත් AnyDeskහි සංස්කරණයක් බෙදා හැරීමක් පිළිබඳ අනාවරණය කරගනී

Google Ads හරහා Trojan එකක් ඇතුලත් AnyDeskහි සංස්කරණයක් බෙදා හැරීමක් පිළිබඳ අනාවරණය කරගනී

Google Search පිටු හරහා ව්‍යාප්ත කර ඇති Malware වැඩසටහනක් පිළිබඳ තොරතුරු පසුගිය සතියේ බදාදා දින පර්යේෂකයන් පිරිසක් විසින් අනාවරණය කරගෙන ඇත.

මෙහිදී සිදුවන්නේ AnyDesk නමැති මෘදුකාංගය බාගත කරගැනීම සඳහා Google හි සෙවුමක් යොදන විට, වෙළඳ දැන්වීමක් ලෙස Google Search පිටුවල AnyDesk නමැති මෘදුකාංගය බාගත කරගැනීම සඳහා යැයි කියමින් Link එකක් පෙන්වීමයි. එම Link එක හරහා ගිය විට ඔබට බාගත කිරීමට ලබාදෙන්නේ AnyDesk මෘදුකාංගයේ වෙනස් කරන ලද Malware වැඩසටහනකි. මෙම දැන්වීම් පසුගිය අප්‍රේල් මස 21 වැනි දින සිටම Google Search පිටු වල දර්ශණය වී ඇති බව වාර්තා වේ.

අදාළ හානිදායක මෘදුකාංගයෙන් (වයිරසයෙන් හෝ මැල්වෙයා එක මඟින්) සිදුවන්නේ පරිගණකයේ ඇති දත්ත රැස් කර හැකර් වරු වෙත යැවීමයි. පරිගණකය හා සම්බන්ධ සංවේදී දත්ත මේ හරහා හැකර් වරුන් අතට පත් වේ.

Google වැනි අතිශය ජනප්‍රිය සෙවුම් යන්ත්‍රයක දිස් වන මෙවැනි වෙළඳ දැන්වීමක් හරහා ඕනෑම අයෙක් පහසුවෙන් නොමඟ යැවිය හැකි අතර මෙම හානිදායක ක්‍රියාවලියට Google සමාඟමද වක්‍රාකාරව වගකිව යුත්තන් වේ. මෙවැනි දේ මඟින් අන්තර්ජාල පරිශීලකයන් අනතුරට බඳුන්වීම වැලැක්වීම ඉතා අසීරු කටයුත්තක් බවට පත් වේ.

Google වැනි ජනප්‍රිය අඩවියක් වුවත් පරිහරණයේදී ප්‍රවේසම් විය යුතු බව මෙයින් පෙනී යයි.

Source: thehackernews.com

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara