100% ප්‍රතිචක්‍රීකරණය කරන ලද ඇලුමිනියම් කෑන් වලින් නිමැවූ 2023 LPL කුසලානය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය Melting Point සමාගමත් සමඟ හවුල් වී 2023 LPL කුසලානය 100% ප්‍රතිචක්‍රීකරණය කරන ලද ඇලුමිනියම් කෑන් භාවිතා කරමින් නිපදවා තිබෙනවා.

100% ප්‍රතිචක්‍රීකරණය කරන ලද ඇලුමිනියම් කෑන් වලින් නිමැවූ 2023 LPL කුසලානය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය Melting Point සමාගමත් සමඟ හවුල් වී 2023 LPL කුසලානය 100% ප්‍රතිචක්‍රීකරණය කරන ලද ඇලුමිනියම් කෑන් භාවිතා කරමින් නිපදවා තිබෙනවා. මේ සඳහා රට පුරා ඇලුමිනියම් කෑන් 2,532ක් එකතු කොට තිබෙනවා.

මෙලෙස කෑන් එකතු කිරීමේදී Melting Point සමාගම විසින් වෙරළ පිරිසිදු කිරීම්, දීප ව්‍යාප්ත වැඩමුළු, නාගරික ප්‍රදේශ වල කසළ බඳුන් තැබීම ආදි ක්‍රියාකාරකම් සිදු කොට තිබෙනවා. මෙසේ එකතු කරන ලද කෑන් Melting Point සමාගමේ පිළිමතලාවේ පිහිටි කර්මාන්තශාලාවක ප්‍රතිචක්‍රීකරණය කොට කුසලානය නිපදවා තිබෙනවා.

මෙම කුසලානය පුරාණ රජවරුන්ගේ පාලන සමය දක්වා දිවෙන කැටයම් රටා ඇතුළු ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් පිළිබිඹු කරන අතර අත්කම් නිර්මාණ ආදිය ද එහි ප්‍රදර්ශනය කරයි. තවද, කුසලානයේ ඇති සිංහ හිස් මඟින් ශ්‍රී ලංකාවේ අභිමානය, නිර්භීතකම සහ නායකත්වයේ වටිනාකම් සංකේතවත් කරයි.

Source: Melting Point Facebook Page

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara