සැප්තැම්බර් 15 වන දා සිට නෙළුම් කුලුණ මහජනතාවට විවෘත​යි, ප්‍රවේශ පත් රුපියල් 500 සි​ට

සැප්තැම්බර් 15 වන දා සිට නෙළුම් කුලුණ මහජනතාවට විවෘත​යි, ප්‍රවේශ පත් රුපියල් 500 සි​ට

ඔබට මතක ඇති ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සන්නිවේදන කුළුණ ලෙස සැළැකෙන ⁣කොළඹ නෙළුම් කුළුණ බදු දිමට රජය විසින් සුදානම් බව මීට පෙර වාර්තා කරනු ලැබුවා.

මේ වන විට දේශීය ආයෝජකයන් 80%ක් හා විදේශීය ආයෝජකයින් 20%ක් නෙළුම් කුළුණ සඳහා ආයෝජනයට එක්ව ඇති අතර මේ වසර දෙසැම්බර් 31 වන විට විවිධ උත්සව 15ක් සදහා වෙන් කරගැනීම් ද ලැබී තිබෙනවා.

එමෙන්ම මේ සැප්තැම්බර් 15 වනි දින නෙළුම් කුළුණේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරිම සිදු වනු අතර මහජනතාවටත් 15 වන දින සිටම නෙළුම් කුළුණ වෙත ප්‍රවේශ විමේ හැකියාව ලැ⁣බෙනවා. මහජනතාවට ඇතුලු විම සදහා ප්‍රවේශපත්‍ර මිලදී ගත යුතු අතර රුපියල් 500 සිට ඉහළට ප්‍රවේශපත්‍ර මිලදී ගත හැකි වනවා.

රුපියල් 500 ප්‍රවේශපත්‍රය මගින් කුළුණේ එක් වරක් ඉහළට යා හැකි වන අතර රුපියල් 2000 ප්‍රවේශපත්‍රය මගින් පොලිම්වල රැදි නොසිට කුළුණ තුලට ඇතුලු විය හැකි වනවා. එමෙන්ම විදේශිකයන් සදහා ඩොලර් 20ක මිලකට ලබා ගත හැකි වනවා. එමෙන්ම ඉදිරි මාස කිහිපය තුල ප්‍රවේශ පත්‍රය වෙනුවට QR කේතයක් හඳුන්වාදීමටත් සැලසුම් කර තිබෙනවා.

මෙහි බිම් මහලේදී ප්‍රසිද්ධ අවන්හල් කිහිපයක් පවතින අතර ප්‍රසිද්ධ වාණිජ්‍ය බැංකු කිහිපයක් ද ස්ථාපනය කර තිබෙනවා. එමෙන්ම ඉහළ මහළ කැරකෙන අවන්හලකින් සමන්විත වන අතර ඉහළම නැරඹුම් මැදිරයේ දී "කොළඹ අහස යට" නවමු අත්දැකීමද විද ගැනිමේ හැකියාව ශ්‍රී ලාංකිකයන්ට ලැබෙනවා. ශ්‍රී ලංකාවේ තිබෙන වේගවත්ම විදුලි සෝපාන තුනක් ද නෙළුම් කුළුණ සතු වන අතර මේ සියලුම අත්දැකීම් ලබන 15 සිට ජනතාවට ⁣කොළඹ නෙළුම් කුළුණේ දී ලබා ගත හැකි වනවා.

Sources: Newswire

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna