Logic Bomb එකක් කියන්නෙ මොකක්ද ?

Logic Bomb එකක් කියන්නෙ මොකක්ද ?

Logic bomb එකක් කියන්නෙ software program එහෙකට insert කරලා තියෙන අනවශ්‍ය code එකක්. මේක trigger වෙන්නෙ specific event එහෙකදි Normal bomb එකක් වගේ. නමුත් code එක wake up උනාට පස්සෙ මේක malicious instructions unload කරන්න ගන්නවා.

Logic bomb virus එහෙකට සියලුම වර්ගයේ damage කරන්න පුළුවන් system එහෙකට. මේ Logic bomb එහෙකට triggers එකක් හෝ බොහොමයක් තියෙන්නෙ පුළුවන්. Time based logic bombs නැත්තම් time bombs කියන්නෙ logic bombs  වල common form එකක් , මොකද මෙතනදි  code ඒ perform කරන actions වෙන්නෙ නිශ්චිත දිනයකදි සහ වෙලාවකදි.

මේක ටිකක් බයානක වෙන්න හේතුව මේ virus එක කිසිම සද්දයක් නැතුව කාලයක් user ට දැනෙන්නැතුව තියෙන නිසා.නමුත් අනිත් malware වගේ තමා logic bomb virus එකත් detect කරලා remove  කරන්න පුළුවන් anti-virus programs වලින්.

Logic bomb එකක් වැඩ කරන්නෙ කොහොමද බැලුවොත්.

Logic bomb එකක් හරියට නිකන් incomplete virus එකක් වගේ. ඒක් මුකුත් කරන්නෑ trigger එකක් pair වෙනකන්. අපිට මෙහෙම හිතන්නත් පුළුවන් logic bomb virus එකක් කියන්නෙ instructions set එකක් move forward command එක හම්බවෙනකන් බලන්න ඉන්න program කරලා තියෙන විදියට වැඩ කරන්න.

Logic bomb එකක් පත්තු උනහම වෙන දේ තීරනය වෙන්නෙ ඒක හදපු විදිය අනුවයි. creator ට තමා මේකේ control එක තියෙන්නෙ, triggers වලට විතරක් නෙමේ මේකෙන් මොකද කරන්නෙ කියලත් control එක තියෙනවා අදාල conditions meet උනහම.

Common triggers කිහිපයක් තියෙනවා Logic Bombs වලට

  • Specific program එකක් install කිරීම uninstall කිරීම හෝ open කිරීම.
  • Special event එකක් වෙලාවකදි.
  • Usb device එකක් insert හෝ remove කිරීම මගින්.
  • File එකක් create delete  හෝ open කිරීම මගින්.

Logic Bomb එක malicious code එක unload කරන්න ගත්තට පස්සෙ වෙන දේවල් ඉතිං creator ගේ imagination එක අනුව තමා වෙන්නෙ. වෙන්න පුළුවන් දේවල් බැලුවොත්,

  • Files delete හෝ edit වීම්.
  • Password හොරකම් කිරීම.
  • තව virus computer එකට copy වීම.
  • Files corrupt වීම.
  • Hard drive එකම wipe වීම

Logic Bomb වලට examples ටිකක් බැලුවොත් අපි

  • DDoS attack එකක් launch කරන්න.
  • Password හොරකම් කරන්න.
  • නැත්තම් පළිගැනීමකට , වගෙ දේවල් වලට Logic Bomb use කරනවා.

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara