මෙවර විශ්වවිද්‍යාල වලට ඇතුලත් කරගන්නා සිසුන්ට Laptop මිලදී ගැනීම සඳහා සහන ණයක් ලබා දීමට විශ්වවිද්‍යාල කොමිසම කටයුතු කරයි

මෙවර විශ්වවිද්‍යාල වලට ඇතුලත් කරගන්නා සිසුන්ට Laptop මිලදී ගැනීම සඳහා සහන ණයක් ලබා දීමට විශ්වවිද්‍යාල කොමිසම කටයුතු කරයි

වර්තමානය වන විට Laptop පරිගණකයක් යනු විශ්ව විද්‍යාල සිසුවෙකුට නැතිවම බැරි තාක්ෂණික උපකරණයක් බවට පත් වී හමාරයි. ඔවුන් තම assignments පිලියෙල කිරීම, ඉගෙනුම් ක්‍රියාවලියට අවශ්‍ය තොරතුරු සොයා ගැනීම, තම සටහන් පවා මේ වන විට Laptop හරහා සිදු කිරීමට බහුලව පෙළඹී සිටිනවා.

COVID-19 වසංගතය හේතුවෙන් පසුගිය මාස 6කට ආසන්න කාලයක් පුරාවටම විශ්ව විද්‍යාල පද්ධතියම වසා දමා තිබියදී විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ගේ ඉගෙනුම් කටයුතු online ක්‍රමයට පවත්වාගෙන යාමට මෙම Laptop පරිගණක මහඟු උපකාරයක් උනා.

නමුත් එහිදී ඇති වූ ගැටළුවක් වූයේ Laptop පරිගණක ඇති සිසු සිසුවියන් ප්‍රමාණයට වඩා Laptop පරිගණකයක් අහිමි සිසු සිසුවියන් ප්‍රමාණය අධික වීමයි. මේ හේතුවෙන් විශාල ප්‍රමාණයකට තම දේශන වලට සහභාගී වීමට නොහැකි වුනා.

මෙම තත්වය හා විශ්ව විද්‍යාල සිසුවෙකුට Laptop පරිගණකයක ඇති දැඩි අවශ්‍යතාවය සලකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව විසින් මෙවර විශ්වවිද්‍යාල වලට ඇතුළත් කරගන්නා සිසුන් සඳහා Laptop පරිගණක මිලදී ගැනීම සඳහා අවශ්‍ය ණය මුදලක් සහන ණයක් වශයෙන් ලබා දීමට තීරණය කර තිබෙනවා.

විශ්ව විද්‍යාල ප්‍රතිබාදන කොමිසමේ උප සභාපති මහාචාර්‍ය ජනිතා ලියනගේ මහත්මිය විසින් ප්‍රකාශ කර ඇත්තේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ රාජ්‍ය බැංකුවක් එක්ව මෙම ණය මුදල ලබා දීමට කටයුතු කරන බවයි. ඒ අනුව ඉදිරියේදී ඇතුළත් කරගැනීමට නියමිත විශ්වවිද්‍යාල සිසුන්ට සහන ණයක් යටතේ රුපියල් ලක්ෂයක මුදලක් ලබා ගත හැකිය. ණය ලබා ගන්නා සිසුවා විසින් තම ණය මුදල පියවිය යුත්තේ තමන් විසින් උපාධිය ලබා ගත් පසුව වීම මෙහි ඇති විශේෂත්වයක්.

2019 උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාල සඳහා තේරී පත් වන සිසුන්ට තොරතුරු තාක්ෂණය සහ ඉංග්‍රීසි පාඨමාලා මෙවර online ක්‍රමයට පැවැත්වීමට නියමිත අතර මේ තීරණය ඒ සඳහා විශාල පිටිවහලක් වනු ඇත. එමෙන්ම මේ හරහා විශ්වවිද්‍යාල සිසුන් අතර Online අධ්‍යාපන ක්‍රමය ප්‍රචලිත කිරීමටද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම බලාපොරොත්තු වෙනවා.

Source: Colombo Times

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna