"ඔබගේ චීන ජංගම දුරකතනය භාවිතාවෙන් ඉවත් කරන්න", ලිතුවේනියා ආරක්ෂක අමාත්‍යංශය එරට ජනතාවගෙන් ඉල්ලා සිටී

"ඔබගේ චීන ජංගම දුරකතනය භාවිතාවෙන් ඉවත් කරන්න", ලිතුවේනියා ආරක්ෂක අමාත්‍යංශය එරට ජනතාවගෙන් ඉල්ලා සිටී

චීනයේ නිෂ්පාදිත ජංගම දුරකථන භාවිතයෙන් ඉවත් කර දමන ලෙස ලිතුවේනියා ආරක්ෂක අමාත්‍යංශය විසින් එරට ජනතාවට දැනුම් දි තිබෙන බවට වාර්තා වෙනවා. එසේම චීනයේ නිෂ්පාදනය වන Smartphone මිලදී ගැනීමෙන් වළකින ලෙසත් එරට බලධාරීන් විසින් ජනතාවට අනතුරු අඟවා ඇති බව බව විදේස් මාධ්‍ය වාර්තා කරනු ලබනවා.

එරට ජාතික සයිබර් ආරක්ෂක මධ්‍යස්ථානය චීනයේ නිෂ්පාදිත 5G ජංගම දුරකථන ගැන සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව මෙම අනතුරු ඇඟවීම කර තිබෙන අතර එම මධ්‍යස්ථානය පැවසුවේ Xiaomi ජංගම දුරකථනයක සමහර වචන Type කිරීම පාලනය කිරීම සඳහා මෙවලම් අනතර්ගතව තිබු බවත්, Huawei P40 5G වර්ගයේ ජංගම දුරකථනයක ආරක්ෂක ක්‍රමවේදයේ වැරදි තිබූ බවත් ය.

ඔවුන් පවසනා අකාරයට Xiaomi සමාගම නිපදවන Mi 10T 5G ජංගම දුරකථනයේ අඩංගුව තිබූ ටූල් එකක් මගින් "Free Tibet”, "Long live Taiwan independence" හෝ "democracy movement", වැනි වචන හඳුනාගෙන ඒවා වාරණය කළ හැකි බව හඳුනා ගැනුන අතර මෙම හැකියාව European Union එක සඳහා වන දුරකතන සඳහා අක්‍රිය කර ඇති බවත් ඔවුන් හදුනාගෙන තිබෙනවා. කෙසේ නමුත් Xiaomi සමාගම හට කැමති වෙලාවක එම පහසුකම නැවත සක්‍රිය කර හැකි බවත් වැඩි දුරටත් සඳහන් වෙනවා.

Xiaomi ජංගම දුරකථන සඳහා එම ආකාරයෙ Type කිරීම් 449ක් වාරණය කිරීමට හැකියාව සතු බව ලිතුවේනියා බලධාරීන් වැඩි දුරටත් දක්වා තිබෙනවා. තවද ඔවුන් පවසන්නෙ Xiaomi සමාගම විසින් Encrypted User Data සිංගප්පූරුවේ පවතින server එකක් වෙත යවන බවයි.

කොහොම නමුත් මේ සඳහා Xiaomi සමාගම විසින් තවමත් ප්‍රතිචාර දක්වා නොමැති අතර Huawei සමාගම විසින මේ සඳහා ප්‍රතිචාර ලෙස BNS පුවත් සේවයට පවසා සිටියෙ තම ආයතනය විසින් එවැනි කිසිම අකාරයක User Data රැස් කිරීමක් සිදු නොකරන බවයි.

Source - Reuters, CNN

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara