iOS 17 සංස්කරණය ලැබෙන iPhone ලැයිස්තුව මෙන්න

නවතම විශේෂාංග රැසක් සමඟින් හඳුන්වා දුන් iOS 17 විසින් සහාය දක්වන iPhone මාදිලි පිළිබඳ විස්තර Apple වෙබ් අඩවිය ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබෙනවා.

iOS 17 සංස්කරණය ලැබෙන iPhone ලැයිස්තුව මෙන්න

Apple සමාගම විසින් iOS සඳහා වන ප්‍රධානතම යාවත්කාලීනය වන iOS 17 සංස්කරණය ඊයේ දිනයේදී එළිදැක්විමට කටයුතු කරනු ලැබුවා. WWDC 2023 හි keynote එක අතරතුර මෙම නව යාවත්කාලීන සංස්කරණය පිළිබඳව සවිස්තර තොරතුරු ප්‍රකාශයට පත් කළ අතර නවතම iOS 17 සංස්කරණය පිළිබඳ අප විසින් ගෙන ආ ලිපිය පහතින් ඔබට බලන්න පුලුවන්.

නවතම විශේෂාංග රැසක් සමඟින් හඳුන්වා දුන් iOS 17 විසින් සහාය දක්වන iPhone මාදිලි පිළිබඳ විස්තර Apple වෙබ් අඩවිය ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව පසුගිය iOS සංස්කරණය ඔස්සේ සහාය හිමිවු Apple iPhone 8 සහ iPhone X සඳහා නවතම iOS 17 සංස්කරණයේ සහාය හිමි නොවන අතර iPhone Xs Series, iPhone Xr එක සහ ඉන් පසුව එලිදැක්වුනු iPhone පමණක් මේ සහය දක්වනු ලබනවා.

i0S 17 ලබා ගැනිම සඳහා සුදුසුකම් සපුරන iPhone මාදිලි

  • iPhone XS and XS Max
  • iPhone XR
  • iPhone 11
  • iPhone 11 Pro and Pro Max
  • iPhone 12 and 12 mini
  • iPhone 12 Pro and Pro Max
  • iPhone 13 and 13 mini
  • iPhone 13 Pro and Pro Max
  • iPhone 14 Series
  • iPhone SE (2nd and 3rd gen)

මේ වන විට iOS 17 හි Developer Beta සංස්කරණය නිකුත් කර ඇති අතර අගෝස්තු මාසයේදී පමණ Public Beta සංස්කරණයන් නිකුත් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Sources: www.apple.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara