මේ දිනවල පවතින අධික උෂ්ණත්වය නිසා වාහනයේ ඉන්ධන උපරිම සිමාව දක්වා පිරවිමෙන් වළකින ලෙස LIOC සමාගම ප්‍රකාශ කළා ද ?

ලංකා ඉන්දිය තෙල් සමාගම (LIOC) විසින් මේ වෙන විට ප්‍රකාශයක් නිකුත් කරමින් සදහන් කර තිබෙන්නේ එවැනි ප්‍රකාශයක් තම සමාගම විසින් නිකුත් කර නොමැති බවයි.

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය නිසා වාහනයේ ඉන්ධන උපරිම සිමාව දක්වා පිරවිමෙන් වළකින ලෙස LIOC සමාගම ප්‍රකාශ කළා ද ?

ඔබ දැනටමත් දකින්නට ඇති සමාජ මාධ්‍යයන් තුළ මේ දිනවල ඇති අධික උෂ්ණත්වය නිසා වාහනයේ ඉන්ධන උපරිම මට්ටමට පිරවිමෙන් වැලකින ලෙස LIOC සමාගම විසින් සිදු කරන ප්‍රකාශයක් හුවමාරු වෙන බව.

මේ ප්‍රකාශය පිළිබඳව ලංකා ඉන්දිය තෙල් සමාගම (LIOC) විසින් මේ වෙන විට ප්‍රකාශයක් නිකුත් කරමින් සදහන් කර තිබෙන්නේ එවැනි ප්‍රකාශයක් තම සමාගම විසින් නිකුත් කර නොමැති බවත් එම ප්‍රකාශයේ මෙන් ඉන්ධන උපරිම ධාරිතාවක් සමග ඉන්ධන ටැංකිය මේ දිනවල අධික උෂ්ණත්වය සමග පුපුරා යාමේ කිසිදු හැකියාව ද නොමැති බවයි.

Image Source - LIOC Facebook Page

මේ පිළිබඳව වැඩි දුරටත් දක්වමින් ඔවුන් සදහන් කර සිටින්නේ සෑම වාහන නිෂ්පාදකයෙකු මෙන්ම ඔවුන්ගේ වාහන සැලසුම් කරන්නේ පරිසර තත්වවලට ඔරොත්තු දිය හැකි පරිදි වෙන බවත් එම නිසා දේශගුණික තත්ව නොසලකමින් වාහනයේ ඉන්ධන උපරිම ධාරිතාව දක්වා වුවද පිරවිම සම්පූර්ණයෙන්ම ආරක්ෂිත වෙන බවයි.

Sources: LIOC News Wire

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara