අලුත්ම Linux Mint 20 (Ulyana) සංස්කරණය දැන් නොමිලේ බාගන්න

අලුත්ම Linux Mint 20 (Ulyana) සංස්කරණය දැන් නොමිලේ බාගන්න

අතිශය ජනප්‍රිය සහ උසස් මෙහෙයුම් පද්ධතියක් වන Ubuntu පාදක Linux Mint මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරණය වන Linux Mint 20 (Ulyana) සංස්කරණයේ stable version එක දැන් ඔබට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.

Linux Mint 20 "Ulyana" - XFCE

Linux Mint යනු මෙහෙයුම් පද්ධතිය DistroWatch ලයිස්තුවේ ඉහළින් ඇති බොහෝ දෙනා ප්‍රිය කරන මෙහෙයුම් පද්ධතියක්. Cinnamon, Mate සහ XFCE යන Desktop Environments තුන සමඟ ඔබට මෙම මෙහෙයුම් පද්ධතිය ලබාගත හැකියි. Linux වලට අලුත් අයෙකුට වුවත් මෙහි පහසුවෙන් වැඩ කළ හැකියි.

Linux Mint 20 "Ulyana" - Cinnamon

නව Linux Mint 20 සංස්කරණය Ubuntu 20.04 සංස්කරණය පාදක කරගෙන නිමවා ඇති අතර Linux Kernel එකේ 5.4 සංස්කරණය සමඟ ඔබට ලබාදේ. මෙම version එක සඳහා 2025 දක්වාම සහය ලබාදෙන බවයි පැවසෙන්නේ. එනම් මෙය long term support ආකාරයේ version එකක් වෙනවා.

පසුගිය සංස්කරණ වලදී මෙහෙයුම් පද්ධතිය සමඟම ලබාදුන් Snap පැකේජ සඳහා සහාය දැක්වීම මෙවර ඔවුන් ඉවත් කර ඇති අතර, Gimp සහ VLC මෘදුකාංග දෙක ද අලුත් version එක සමඟම ලබා දෙන්නේ නැත. Snap පැකේජ ඉවත් කිරීම බොහෝ Linux භාවිතා කරන්නන් පැසසුමට ලක් කර ඇත. Snap පැකේජවල ඇති අඩු ලුහුඩු කම් සහ දෝෂ මෙයට හේතු වී ඇත.

මෙම මෙහෙයුම් පද්ධතිය ඔබටත් අත්හදාබැලීමට අවශ්‍ය නම්, පහත Link එකෙන් පිවිස ඔබට මෙම නව සංස්කරණය නොමිලේ ලබාගත හැක.

Download - Linux Mint
Linux Mint is an elegant, easy to use, up to date and comfortable GNU/Linux desktop distribution.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara