LG සමාගම විසින් ඔවුන්ගේ Android developer වෙබ් අඩවිය දෙසැම්බර් 31 වන දින නවත්වා දැමීමට සූදානම් වේ

LG සමාගම විසින් ඔවුන්ගේ Android developer වෙබ් අඩවිය දෙසැම්බර් 31 වන දින නවත්වා දැමීමට සූදානම් වේ

ඔබට මතක ඇති පසුගිය අප්‍රේල් මාසයේදි LG සමාගම විසින් ඔවුන්ගේ Smartphone සදහා වන ව්‍යාපාර අංශයේ කටයුතු නිල වශයෙන් නවතා දමනු ලැබුවා. කෙසේ වෙතත් LG සමාගම එහිදි ප්‍රකාශ කරනු ලැබුවේ මෙලෙස ජංගම දුරකථන නිපදවිම නවතා දැමුවද දැනට නිකුත් කර ඇති ජංගම දුරකථන සදහා වසර තුනක් දක්වා Updates ලබා දිමට ඔවුන් සුදානම් බවයි.

කෙසේ වෙතත් මේ වෙන විට LG සමාගම විසින් නිවේදනය කර තිබෙන්නේ ඔවුන්ගේ  Bootloader Unlock Program නවතා දැමිමට සුදානම් බවයි.

මෙතෙක් කල් LG සමාගම විසින් Developersලාට Bootloader Unlock Keys ලබා දෙමින් Bootloader Unlock Program එකක් පවත්වාගෙන යමින් තිබු අතර මේ වසර දෙසැම්බර් 31 වෙන දින සිට මෙම සේවාව ඔවුන් නවතා දමනු ඇත.

Bootloader කියන්නේ මොකක්ද කියල මෙතනින් වැඩි විස්තර බලන්න.

Source : Gizmochina

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna