LG සමාගම තම දුරකතන නිෂ්පාදන අංශය වසා දැමීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ

LG සමාගම තම දුරකතන නිෂ්පාදන අංශය වසා දැමීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ

LG සමාගමෙහි Smartphone අංශයේ ඉතිහාසය ගත් කළ එහි පසුගිය වසර කිහිපයම නිරන්තර අසාර්ථකත්වයට පත්විය.  නව විශේෂාංගයන් හා සමගින් නැවතත් Smartphone තරඟයෙහි පෙරමුණට පැමිණීමට LG සමාගම නිරන්තරයෙන් උත්සාහ කළද Smartphone ව්‍යාපාරය හරහා ලාභයක් ලබා ගැනීමට ඔවුන් අසමත් විය.

ඔවුන් බොහෝ විට ආකර්ෂණීය ශීර්ෂ පාඨයන් නිර්මාණය කරන අතර LG Wing වැනි නව සංකල්ප සමඟ තම නිෂ්පාදනයන් නැවුම්ව තබා ගැනීමට උපරිම උත්සාහයක් දැරූහ. නමුත් අවාසනාවට මෙන් යථාර්ථය නම් ඔවුන්ගේ Smartphone අංශය තවමත් නිරන්තරයෙන් පාඩු ලැබීමත් එම තත්ත්වය මග හරවා ගැනීමට ඔවුන් දරන උත්සාහයන් එතරම් සාර්ථක නොවීමයි.

LG සමාගම මීට පෙර ද ඔවුන්ගේ Smartphone අංශය විකිණීම සඳහා සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වූ අතර එනමුත් ගැනුම්කරුවෙකු සෙවීම එතරම් සාර්ථක නොවූ බව වාර්තා විය. කෙසේ නමුත් වත්මන් තත්ත්වය අනූව ගැනුම්කරුවෙකු සොයා ගැනීමට නොහැකි වුවහොත් තම Smartphone ව්‍යාපාරය වසා දැමීමට LG සමාගමට සිදු වනු ඇත.

මෙම තොරතුරු වාර්තා වී ඇත්තේ "Dong-A Ilbo" නම් දකුණු කොරියානු පුවත්පතකින් වන අතර මීට පෙර LG සමාගමේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ LG හි Smartphone ව්‍යාපාරය ඉක්මනින්ම වසා නොදමන බවයි.  2021 වසර සඳහා ඔවුනට නව අභිලාෂයන් බොහොමයක් තිබූ අතර රෝල් කළ හැකි Display එකක් සහිත Smart ජංගම දුරකතනයක් ද ඒ අතර විය. එමෙන්ම මෙම ජංගම දුරකථනයට  Bluetooth SIG සහතිකය පවා ලැබී ලැබුණි.  නමුත් මෙම Smart ජංගම දුරකථනයත් මේ වන විට අවලංගු කර ඇති බවට වාර්තා වන අතර මෙම නව වාර්තාවෙන් කියවෙන්නේ LG සමාගම විසින් 2021 වසරේ පළමු භාගයේදී නිකුත් වීමට තිබූ සියලු ජංගම දුරකථන අත්හිටුවා ඇති බවයි.

මේ ආකාරයට පාඩු ලබන Smartphone ව්‍යාපාරය විකුණා දැමීමට LG සමාගම විසින් Volkswagen සහ වියට්නාමයේ Vingroup JSC වැනි සමාගම් සමග සාකච්ඡා පවත්වා ඇත. නමුත් මෙම සාකච්ඡා ද මෙතෙක් අසාර්ථක වී ඇති බවට වාර්තා වේ. මේ ආකාරයට LG සමාගමට ගැනුම්කරුවෙකු සොයා ගැනීමට අපොහොසත් වුවහොත් LG හට ඔවුන්ගේ Smartphone අංශය මුළුමනින්ම විනාශ කිරීමට සිදුවනු ඇත.

කෙසේ නමුත් මෙය Android පද්ධතියට (Ecosystem) විශාල පාඩුවක් වනු ඇත.  ජංගම දුරකථන අලෙවිය සම්බන්ධයෙන් LG සමාගම පසුගිය වසරවල එතරම් සාර්ථක නොවූවත් ඔවුන් Android Ecosystem හි ඓතිහාසික වශයෙන් පතාක යෝදයෙකු වේ. "LG G2" වැනි ජනප්‍රිය ජංගම දුරකථනය එය සනාථ කිරීම සඳහා දැක්විය හැකි මනා උදාහරණයකි.

ඉතින් LG සමාගමට කුමක් වෙයිද?

Source :- Gizmochina, XDA Developers

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna