Lenovo Legion Gaming Phone එක ජූලි වල නිකුත් වේ

Lenovo Legion Gaming Phone එක ජූලි වල නිකුත් වේ

Mobile Gaming කියන්නේ මේ කාලයේ වැඩි අවධානයක් දිනා ගත්ත smartphone category එකක්. ඒ හින්දා Mobile Gaming සඳහාම දැන් smartphones නිෂ්පාදනය වෙනවා. Lenovo ත් දැන් මේ අලුත් market එකට  gaming phone එකක් release කරන්න ලැස්ති වෙනවා.

චීන social media එකක් වන Weibo හි තමන්ගේ official account එකෙන් Lenovo මේ phone එක July මාසේ release වෙන බව කියල තියෙනවා.

දැනට තියෙන gaming smartphone එක්ක බලද්දී ලාභ smartphone එකක් වෙයි කියල ආරංචි වුනත්, මේකේ (leak වුන) design එකත්, spec sheet එකත් ඉහලම level එකේ තියෙන්නේ. (ඉහලම level නැතුව වෙන ගැලපෙන වචනයක් ????)

Fullscreen disply, 20MP side pop-up selfie camera (ඔව්, පැත්තෙන් තමයි) සහ 65MP + 16MP dual camera එකක් phone එකේ මැදින් පිහිටලා තියෙන බවට දැන් තියෙන leaks වලින් බලාගන්න පුළුවන්.

Display එක  2340×1080 resolution එකක් තියෙන 270Hz touch sampling rate support කරන එකක් බවයි සඳහන් වෙන්නේ. අලුත්ම Snapdragon 865 එකත් Galaxy S20, OnePlus 8 වල තියෙන UFS 3.0 storage technology එකත් මේකේ තියෙන බවට ආරංචි වෙලා තියෙනවා.

Gaming වලට අත්‍යවශ්‍ය දෙයක් තමයි battery ය. මේකේ battery ධාරිතාව 5000 mAh හා 90W fast charging support කරන බවත් කියනවා.

Gaming phone බොහොමයක් තිරස් අතට පාවිච්චි කරන්න තමයි design කරන්නේ. ඒ හින්ද මේකේ selfie camera ව වගේම USB Type-C port එකත්  3.5mm headphone jack එකත් phone එකේ side එකෙන් තමයි දකින්න පුළුවන් වෙන්නේ.

Lenovo ගේ මේ අලුත් gaming phone එක මේ අවුරුද්දේ මුලදී නිකුත් වුන ROG Phone 3 හා Red Magic 5G වගේ මිල අධික gaming smartphone වලට හොඳ තරඟයක් ලබා දෙයි කියල හිතන්න පුළුවන්.

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara