LankaBell සමාගම විසින් තම 4G LTE සේවා නවතා දැමීමට සුදානම් වෙයි

ඔවුන් විසින් SLT-MOBITEL සමාගම ඔස්සේ තම පාරිභෝගිකයින්ට අන්තර්ජාල සේවාව ලබා ගැනීමේ අවස්ථාව ලබා දී තිබෙනවා.

LankaBell සමාගම විසින් තම 4G LTE සේවා නවතා දැමීමට සුදානම් වෙයි

LankaBell සමාගම විසින් මේ වන විට ඔවුන්ගේ සේවාවන් පුර්ව දැනුම් දීමකින් තොරව අක්‍රිය කිරීමට කටයුතු කරමින් සිටින බවට සමාජ මාධ්‍ය හරහා එම පාරිභෝගිකයින් විසින් සටහන් කර තිබෙන ආකාරය පසුගිය දිනවල දැකගත හැකි වුවා. එමෙන්ම මේ වන විට බොහෝ පාරිභෝගිකයින් මෙම සේවා අක්‍රිය කිරීමට මුහුණ දී තිබෙනවා.

වාර්තා වන තොරතුරුවලට අනුව ඉදිරි සති කිහිපය තුළ ඔවුන් විසින් සිය සේවා සම්පුර්ණයෙන්ම අක්‍රිය කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව දක්වන්න පුලුවන්. එය මේ වන විට Lanka Bell ආයතනය මගින් තම පාරිභෝගිකයින් සඳහා යවා ඇති SMS පණිවිඩය මගින් ද තහවුරු වනවා.

එම පණිවිඩයට අනුව Lanka Bell සම්බන්දව ඇති වී තිබෙන ගැටලු නිසා ඔවුන්ගේ 4G LTE අන්තර්ජාල සේවා සැපයුම සැපයීමට ඔවුන්ට නොහැකි වී ඇති අතර එයට විසඳුම් ලෙස ඔවුන් විසින් SLT-MOBITEL සමාගම ඔස්සේ තම පාරිභෝගිකයින්ට අන්තර්ජාල සේවාව ලබා ගැනීමේ අවස්ථාව ලබා දී තිබෙනවා.

ඒ අනුව මේ සඳහා නව SLT 4G Router එකක් ලබා ගත යුතු වන අතර එයට ඔබගේ දැනට පවතින Lanka Bell Router එක, Lanka Bell සම්බන්දතාවයේ නවතම Bill පිටපත සහ ජාතික හැඳුනුම්පත සමඟ ලගම ඇති SLT Teleshop වෙත පිවිස නොමිලයේ නිකුත් කරන SLT 4G සම්බන්ධතාවය ලබා ගන්නා ලෙස නිවේදනය කර තිබෙනවා.

වාර්තා වන තොරතුරුවලට අනුව SLT-MOBITEL සමාගමේ ඇමතුම් මධ්‍යස්ථාන හරහා මේ පිළිබඳව මීට පෙර Lanka Bell පාරිභෝගිකයින්ව දැනුම්වත් කිරීමට මීට පෙර කටයුතු කර තිබෙනවා.

Image - Trcsl

ඒ වගේම 2016 වර්ෂයේ Lanka Bell සමාගම විසින් අන්තර්ජාල සේවා සැපයිම සඳහා ලබා ගත් බලපත්‍රය කල් ඉකුත් වීමට ද තවත් වසර දෙකකට ආසන්න කාලයක් පවතින අතර එසේ තිබියදීත් මෙලෙස සේවා විසන්ධි කිරීම සිදු කර තිබෙන අතර ප්‍රමාණවත් පාරිභෝගික පිරිසක් නොමැති වීම නිසා එම ප්‍රදේශවල සංඥා කුළුණු ඉවත් කිරීම මෙන්ම සේවා මධ්‍යස්ථාන වසා දැමීමත් ඔවුන් පසුගිය සමයේ කටයුතු කරනු ලැබුවා.

Source: 21FMTV

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna