කංඡායුධ ලංකාවේ අපේ Game එකක්

කංඡායුධ ලංකාවේ අපේ Game එකක්

කංඡායුධ යනු? | What is Kanchayudha?

හැමදාම එක එක රටවල් වලින් හදන Games ගැන Review දැම්මා ඒත් අද ආඩම්බරයෙන් කියන්න කැමති අපේ ලංකාවෙ හදපු සුපිරි Game එකක් ගැන මං දන්න තරමින් Review එකක් ගෙන්න හිතුවා. ඇත්තම කිව්වොත් ලංකාවෙන් දැනට බිහි උන හොදම PC Game වලින් එකක් කිව්වොත් මං හරි. මෙහි එන විශේෂත්වය තමා අපේ ලංකාවෙ ඉතිහාසය විදා පාන විදිහට හදපු Game එකක් වන එක. මේ Game එක Based වෙලා තියෙන්නෙ ‘භද්‍ර’ නම් ශක්තිමත් වීරයකුගේ චරිතයකට හරියටම කිව්වොත් නන්දි මිත්‍ර යෝදයාව පදනම් කරගෙන තමා මේක නිර්මාණය කරලා තියෙන්නෙ.

ගොඩක්ම Assassin's Creed Type එකට යන Game එකක් මේක Actions Graphics අතින් බලපුවාම. Graphic ගැන කතා කරොත් දැනට ආපු Lankan Games එක්ක බලද්දි ඉතාමත් ඉහල මට්ටමේ තියෙනවා International Standed එකේ තියෙන Game එකක් ඇත්තටම ශ්‍රිලාංකිකයෙක් විදිහට ගොඩක් අගය කරයුතු නිර්මානයක්. මේ ඛංචායුඩ කියන්නෙ හැකි තාක් මේ Post එක Share කරලා මේ Game එකට Sup එකක් දෙන්න. දැනටමත් මේ Game එක අපේ Gamers ලා අතරෙ ගොඩක් ජනප්‍රිය වෙලා තිබෙනවා. ඒ වගේම දැනටමත් හොද ප්‍රතිචාර ලැබිලා තිබෙනවා මේ Game එකට. PC Games නොගහන අය උනත් කංඡායුධ ගැන කතා කරන්න අරන් තිබෙනවා මොකද කිව්වොත් මේ Game එක සමහර විට අපිට Mobile Version එකක්ද බලා ගනන් පුලුවන් වෙයි.

Game එකේ story එක මොකක්ද?

Story එක ගැන මේ වගේ අර්ථකතනයක් දීලා තියෙනවා Arimac Page එකෙන්.

මෙහිදී ඔබ හසුරවන්නේ අතීත ශ්‍රී ලංකාවේ විසු ‘භද්‍ර’ නම් ශක්තිමත් වීරයකුගේ චරිතයකි. අතීතයේ තමන් හට සිදුවූ සිදුවිමක සුළමුල සොයා යන ඔහු හට ඒ ගමනේදී විවිධාකාර ක්‍රියාවන්ට මුහුණ දීමට සිදුවේ. මෙම ක්‍රියාවන් පසු කර ගොස් තම වෘත්තාන්තයේ අවසානයට ලග වීමට ඔහු හට විවිධ ප්‍රහේලිකා විසඳීමට, ගවේෂණයට සහ ක්‍රියාදාමයන්ට මග විවර වේ. කංඡායුධ ක්‍රීඩාවේ පදනම අතීත ශ්‍රී ලංකාවේ ජිවන රටාව වුවද, මෙහි ඇති සියලුම නම් ගම් සහ සිදුවීම් මනඃකල්පිතය.

මොනවද ඕන requirements?

Minimum System Requirements විදිහට Core i5 4GB Ram Gtx 460 VGA එකක් ඉල්ලලා තියෙනවා ඒත් ඊට අඩු PC වල Run කරන්න පුලුවන් වෙයි ඒ ගැන බය වෙන්න එපා මේ Game එක පුලුවන් නම් Pay කරලම ගන්න මොකද ඒ ආයතනයටත් ඉදිරියේදි තවත් මේ වගේ සුපිරි වැඩ කරන්න උදව්වක් විදිහට අපි මේක Pay කරලම ගන්න එක උපයෝගි වෙයි. ඔයාලාගේ අදහස් අනිවාරෙන් Comment Section එකේ පල කරන්න ? Game එක Play කරද්දි පොඩි පොඩි Bugs එන්න පුලුවන් නමුත් ලංකාවේ දෙයක් නිසා අනිවාරෙන් සෙල්ලම් කරලා බලන්න.

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara