ජූනි මස ජනප්‍රිය video ක්‍රීඩාව - The Elder Scrolls Online: Gold Road

ජූනි මස ජනප්‍රිය video ක්‍රීඩාව - The Elder Scrolls Online: Gold Road

මේ මාසෙ ඉදං ඔයාලට article series එකක් බලාගන්න පුළුවන්. හැම මාසෙකම පළවෙනි සතියේ ඊට කළිං මාසෙ top rated and popular game එක ගැන article එකකින් දැන ගන්න පුළුවන්. අද මේ ඒ series එකේ පළවෙනි එක.

ZeniMax online studio මගින් සංවර්ධනය කරල Bethesda softworks company එකෙන් 2024-06-03 දින The Elder Scrolls Online: Gold Road game එක publish කරනවා. Fantasy, MMO game එකක් විදිහට තමා මේක release වෙන්නෙ. Window, Mac, Playstation, Xbox වල මේක දැක ගන්න පුළුවන්. ESRB rating එක දැක්වෙන්නෙ Mature(17+) ලෙසයි. මේකේ play time එක දැක්වෙන්නෙ පැය 30 විදිහටයි.

Game story

3D game fantasy game එකක් විදිහට player ට උපරිම අද්දැකීම දෙන්න zeniMax උත්සහ කරල තියෙනවා. අදුරු වර්ණය තුළින් මායාකාරී බව මනාව පෙන්වමින් රේඛිය නොවන කතාවක් බලාගන්න පුළුවන්.

ත්‍රිමාන රූපී සතුන් මුවන්, වෘකයන් ,වලසුන් වගේ පුලුල් පරාසයක සතුන් දැක ගන්න පුළුවන්. කතාමාලාවට ගැලපෙන ලෙස නිර්මාණය කරපු සිද්ධස්ථාන, සංස්කෘතික ස්ථාන දැක ගන්න පුළුවන්. Scribes, Leramil the wise වගේ කතාව ඉදිරියට ගෙන යාමට සිටින චරිත විදිහට දක්වන්න පුළුවන්.

The Elder Scrolls Online: Gold Road හි, ක්‍රීඩකයින් බටහිර වෙල්ඩ් හි කොලොවියන් ප්‍රදේශයේ නව ත්‍රාසජනක ගමනක් ආරම්භ කරමින් ක්‍රීඩාව ආරම්භ වනවා. කතාව කේන්ද්‍රගත වන්නේ ඩේඩ්‍රික් කුමාරයෙකු වන ඉතේලියා වටා කියන්න පුළුවන් එක් අතකට. Player ඉතෙලියාගේ අතීතයේ රහස් හෙළි කරගෙන, ඇයගේ විශ්වාසවන්ත අනුගාමිකයින් සමඟ ගනුදෙනු කරගෙන, බටහිර වෙල්ඩ් හි වැසියන් ඇය නැවත පැමිණීමෙන් ඇති වන අවුල් සහගත තත්ත්වයෙන් ආරක්ෂා කළ යුතුය.

System requirements විදිහට දක්වල තියෙන්නෙ i5 processor, 8gb ram, 105gb storage, graphic card GeForce GTX 970 or AMD Radeon™ RX 570) or higher.

Window, Mac සදහා steam හරහාද Playstation සදහා playstation store හරහාද The Elder Scrolls Online: Gold Road ලබා ගන්න පුළුවන්.

The Elder Scrolls Online: Gold Road හී ස්වරූපය පිළිබද වැඩිදුර විස්තර https://www.elderscrollsonline.com යන වෙබ් අඩවියෙන් ලබා ගන්න පුළුව​න්.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara