University email එකෙන් Jetbrains license එක නොමිලේ ලබා ගන්නේ කොහොමද?

University email එකෙන් Jetbrains license එක නොමිලේ ලබා ගන්නේ කොහොමද?

රජයේ විශ්වවිද්‍යාල මෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාල වලද එයටම ආවේණික වුන Email විශේෂයක් තිබෙනවා. මේ මගින් තමයි ඒ විශ්වවිද්‍යාල කටයුතු නිල වශයෙන් සිදුවන්නේ. ඉතින් මේ Email වලින් අප නොහිතන සෑහෙන්න වැඩ ප්‍රමාණයක් නොමිලේම කරගන්න පුලුවන්.

අද අපි කියල දෙන්න යන්නේ කොහොමද අපේ Campus Email එකෙන් JETBRAINS Education License එකක් ගන්න විදියයි. මේක ඉතින් වැදගත් වෙන්නේ ඔයා Programming කරනව නම් විතරයි.

JETBRAINS කියන්නේ ගොඩක් වැදගත් Powerful Software ලබාදෙන Company එකක්. සාමාන්‍යයෙන් මේ Software ගොඩක් මිලයි. ඒත් මේ ආයතනයෙන් Students හෝ Teachersලා හට නොමිලේම මෙම Software ලබාදීමට කටයුතු කරල තියනවා. දැන් අපි බලමු කොහොමද මේවා නිල වශයෙන් නොමිලේම ගන්නේ කියල.

දැන් ඔයා පහල ලින්ක් එකෙන් ගිහින් Apply Now Click කරලා එන Application එක පුරවන්න ඕන.

https://www.jetbrains.com/community/education/#students

මෙතනදී ඉහතින් ඇති Apply With කියන එක University Email Address එක Select කරලා ඊට පහලින් තියන Form එකේ ඔයාගේ Campus Email එක දීලා ඔයාගේ අනෙක් විස්තර හරියටම ලබාදෙන්න.

ඒ වගේම ඔයාගේ Graduation Date එක ටිකක් වැඩියෙන් දුන්විට ඒ සම්පූර්ණ කාලය සදහා ඔයාට මේ License එක Extend කරගන්න පුලුවන්.

දැන් ඔයා APPLY FOR FREE PRODUCTS කිරීම මගින් ඔයාට ඒ සදහා Apply කරන්න පුලුවන්. දින කිහිපයක් ඇතුලත ඔබට Confirmation Email එක එම Campus Email එකට ලැබෙනු ඇත.

එහෙනම් තවත් මේ වගේ වැදගත් ලිපියකින් හමුවෙමු. සුභ දවසක්.

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna