2025දී පියාසර මෝටර් රථ ඔස්සේ සේවාව ලබා දීමට ජපාන ගුවන් සේවය සූදානම් වේ

2025දී පියාසර මෝටර් රථ ඔස්සේ සේවාව ලබා දීමට ජපාන ගුවන් සේවය සූදානම් වේ

ජපාන ගුවන් සේවය විසින් නුදුරැ අනාගතයේදි ඔවුන්ගේ ගුවන් යානා මෙහෙයුම් කටයුතු Flying Car (පියාසර මෝටරථ) අංශය ඔස්සේත් ආරම්භ කිරිමට බලාපොරොත්තුවෙන් සිටින බවට තොරතුරු පල වෙනවා. ඒ අනුව 2025 වසරේදි ජපන් ගුවන් සේවය විසින් Flying Car ගුවන් සේවාවක් තම රට තුල ආරම්භ කිරිමට සුදානමින් පසු වෙනවා.

ජපාන ගුවන් සේවය විසින් මෙලෙස Flying Car සේවාව ඔස්සේ මගී ප්‍රවාහන සේවය ආරම්භ කිරිමට බලාපොරොත්තුවෙන් පසු වෙන අතර ඔවුන් විසින් මේ සේවාව සංචාරක ආකර්ෂණ දිනාගත් ප්‍රදේශ කේන්ද්‍ර කර ආරම්භ කරනු ඇත. තවද මෙය සාමාන්‍ය Taxi සේවයට සමාන Flying Car ගුවන් සේවාවක් ලෙස ගුවන්තොටුළේ සිට ආරම්භ වෙනු ඇත.

මේ Flying Car ගුවන් සේවය සදහා ජපන් ගුවන් සේවයට අවශ්‍ය Flying Car සපයනු ලබන්නේ Volocopter සමාගම විසිනුයි. මොවුන් විසින් නිපදවනු ලබන Flying Car ආසන දෙකකින් යුතු eVTOL ආකාරගේ ගුවන් යානයක් වෙනවා. මේ මගින් 35Km දුරක් ගමන් කිරිමට හැකියාව ලැබෙන අතර 110km/h පමණ වේගයක් ලබා ගත හැකි වෙනවා.

මේ Flying Car ගුවන් සේවය 2025 වසරේදි ආරම්භ කිරිමට නියමිත අතර ගුවන්තොටුපළේ සිට සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානවෙත මේවාගේ ගුවන් ගමන් සිදු වෙනු ඇත.

Source : Gizmochina, NikkeiAsia

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna