Windows පරිගණක සඳහා තිබූ iTunes App එක නිල වශයෙන් නවතා දමයි

මේ වන විට Windows තුළින්ද iTunes App එක ඉවත් කිරීමට Apple සමාගම විසින් කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව Windows 10 සහ 11 මෙහෙයුම් පද්ධතිය තුළ iTunes App එක භාවිත කිරිමේ හැකියාව අහිමි වි තිබෙනවා.

Windows පරිගණක සඳහා තිබූ iTunes App එක නිල වශයෙන් නවතා දමයි

Apple Device භාවිත කරන ඔබ ඔබගේ Apple හෝ Windows පරිගණකයන්වල iTunes App එක භාවිත කර ඇති හෝ තවමත් භාවිත කරන බව නිසකයි. මීට පෙර Apple සමාගම විසින් මේ iTunes App එක ඔවුන්ගේ Mac එක තුළින් ඉවත් කිරීමට කටයුතු කළ අතර ඒ වෙනුවට iTunes තුළ වු සියල්ල Apple Music, Apple Podcasts සහ Apple TV+ ලෙසින් වෙන වෙනම ලබා දීමට කටයුතු කරනු ලැබුවා.

Apple TV app on Windows

කෙසේ වෙතත් මේ වන විට Windows තුළින්ද iTunes App එක ඉවත් කිරීමට Apple සමාගම විසින් කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව Windows 10 සහ 11 මෙහෙයුම් පද්ධතිය තුළ iTunes App එක භාවිත කිරිමේ හැකියාව අහිමි වි තිබෙනවා. iTunes App එක තුළට පිවිසි විට එය සඳහා ආදේශක ලෙස හඳුන්වා දී ඇති Apple Music, Apple TV සහ Devices app Download කර ගන්නා ලෙස දැනුම් දෙනු ලබනවා.

Apple Music සහ Apple TV Appsවලට අමතරව හඳුන්වා දී ඇති Devices App එක ඔස්සේ Apple Devices, Windows පරිගණක සමඟ update, sync, සහ back up කිරීම ආදි පහසුකම් ලබා දෙන්නත් කටයුතු කර තිබෙනවා. ඒ වගේම iTunes app එක ඔස්සේ Podcasts සහ Audiobooks පහසුකම් භාවිත කිරීමේ හැකියාව තවමත් ලබා දී තිබෙනවා.

මීට අමතරව මේ සමගම iCloud for Windows app එකත් නව විශේෂාංගයන් සමඟින් Redesign කිරීමට කටයුතු කර තිබෙනවා.

Source: bgr.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara