Kali Linux හදල තියෙන්නේ hack කරන්නද නැද්ද කියල හරියට දැනග​මු

Kali Linux හදල තියෙන්නේ hack කරන්නද නැද්ද කියල හරියට දැනග​මු

Kali Linux ඉතිහාසය

2004, 2005, 2006 කියන අවුරුදුවලදී ලෝකයේ නැගී ආපු දෙයක් විදිහට Penetration Test කියන දෙය හදුන්වන්න පුළුවන්. එහෙමත් නැත්නම් කිසියම් System එකක වැරැද්දක් සොයාගෙන එය නිවැරදි කිරීම මෙසේ හදුන්වනවා. නමුත් මේ කාලෙ වෙනකොට මේ සදහා හොද Operating System එකක් හෝ හොද Distribution එකක් බිහිවෙලා තිබුනේ නැ.

මේ සදහා විසදුමක් වශයෙන් 2006 දී Ubuntu කියන Distribution එක පාදක කරගනිමින් Back Track නමින් අලුත්ම Distribution එකක් බිහි වෙනවා. නමුත් මේ Back Track නිර්මාණය වන්නේ Live Boot ක්‍රමවේදයට. එහෙමත් නැත්නම් Portable විදිහට පාවිච්චි කරන්න හැකි වෙන විදිහට. 2006 වසර පමණ වන විට Penetration Testing සදහා Back Track මගින් ලොකු උපකාරයක් සිදු වුණා. Portable විදිහට භාවිතා උනත් Black Track වල හොද Tools ප්‍රමාණයක් අඩංගු වෙලා තිබුණ. කාලයත් සමග 2012 වන විට Back Track වල අවසානය ලගා වුවත් තවත් අලුත් Distribution එකකට මග පාදමින් Back Track හි අවසාන Version එක 2012 දී ලබා දෙන්න එහි නිර්මාතෘවරුන් කටයුතු කලා.

ඉන් පසුව 2013 මාර්තු 13 වෙනිද Kali Linux  නිර්මාණය වී අවසන් වෙනව. Back Track Linux වල නැවත ඉපදීමක් ලෙස මෙය ඉතිහාසයේ සනිටුවන් වෙනවා. නමුත් Back Track හා Kali අතර බොහෝ වෙනස්කම් තිබෙනවා. Back Track සදහා පාදක උනේ Ubuntu Distribution එකක් වුවත් මේ Kali Linux සදහා පාදක වි තිබෙන්නේ Debian Distribution එකක්. ඒ වගේම Back Track වලට වඩා විශාල Tools ප්‍රමාණයක් Kali වල ඇතුලත් වුණා. ආසන්න වශයෙන් Default ලෙස Kali වල Tools 600ක් පමණ තිබෙනවා.

Kali නිර්මාණය කලේ hack කරන්නද..?

මේ ප්‍රශ්නෙට හරිම පිළිතුර නෑ.

Kali Linux යොදාගන්නෙ Penetration Testing එහෙමත් නැත්නම් කිසියම් System එකක වැරැද්දක් (vulnerability) සොයා ගෙන ඒ සදහා හොද විසදුමක් ලබා ගැනිමටයි. ලෝකයේ සිටි බොහෝ හැකර්වරුන්ගේ පෞද්ගලික Operating System එක ලෙස භාවිතා වූයේ Kali Linux නොවන බවත් එක් සමීක්ෂණයකින් ඔප්පු වෙලා තියෙනවා.

සමහර විට මේ ලිපිය කියවන ඔයා Kali Linux පාවිච්චි කරල තියෙනවා වගේම පාවිච්චි කරන්න  බලාපොරොත්තුවෙන් ඉන්නවා වෙන්න පුලුවන්. ඒ වගේම මේ ගැන වැඩි තොරතුරු කතා කරන්න අපේ Forum එකට එන්න.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara