Fortnite ක්‍රීඩාව AppStore වෙතින් ඉවත් කල පසු එය ඇතුලත් iPhones $10,000ක මුදලකට eBay තුල විකිණේ

Fortnite ක්‍රීඩාව AppStore වෙතින්  ඉවත් කල පසු එය ඇතුලත් iPhones $10,000ක මුදලකට eBay තුල විකිණේ

ඔබට මතක ඇති අප මිට දින කිහිපයකට පෙර Apple Store හා Play store වෙතින් Fortnite Mobile Game එක ඉවත් කරන්න කටයුතු කරපු බවට ලිපියක් ගෙන ආවා.

මේ වන විට Android Devicesවලින් වගේම Apple Devices වලින් මේ Fortnite Game එක Download කිරිමේ හැකියාව ඉවත් කර තිබෙනවා. ඒ Apple AppStore සහ Android Play Store තුලින් මේ game එක ඉවත් කිරිමෙන්.

ඒ වගේම Android Devices සදහා මේ Game එක Epic Games වෙබ් අඩවිය හරහා Download කර Play කිරිමේ හැකියාව පැවතුනත් Apple Devices වලින් මෙසේ Unknown Sources හරහා Download කිරිමේ හැකියාවක් පවතින්නේ නෑ. හැබැයි මේ වන විටත් Install කර පවතින Apple Devices හරහා නම් කිසිදු ගැටලුවක් නොමැතිව මේ Game එක Play කල හැකි වෙනවා.

මේ Game එකත් Favorite උන අය ඉන්නවනේ. Android අයට ලොකු ගැටලුවක් නැති වුවත් Apple Devices පාවිච්චි කරන අයට මේ Game එක අලුතින් Download කිරිමේ හැකියාව නොමැති වෙනවා. ඒ නිසා දැන් මේ Game එකට ප්‍රිය කරන අය මේ Game එක සහිත Apple Devices මිලදි ගැනිමට යොමුව තිබෙනවා.

මේ හේතුව නිසා මේ වන විට eBay තුල මෙලෙස Pre-installed Fortnite Game එක සහිත iPhone විකිණීමට පල කරන ලද දැන්වීම් රාශියක් දැක ගන්න පුළුවන්. හැබැයි Game එක දැනට Install කර තිබෙන Apple Deviceවල මිල පෙර පැවති සාමාන්‍ය මිලට වඩා වැඩි අගයකට eBay හි Listing කර තිබෙනවා.

මේ විදිහට Fortnite Game එක ඇති iPhone දුරකථන රාශියක් සාමාන්‍ය මිලට වඩා වැඩි මිලකට eBay හි දකින්න පුළුවන්.

iPhone 11 එකක සහ iPhone 11 Pro එකක මිල මෙලස සදහන් වෙනවා.

කෙසේ වෙතත් ඉදිරියේදි මේ Fortnite Game App එකේ ගැටලුව සදහා විසදුමක් ලැබෙන බව කියන්න පුළුවන්. එතකන් iPhone Usersලාට මේ Game එක Play කරන්න ඕනේ නම් Pre-installed කරපු Uses iPhone එකක් මිලදි ගන්නම වෙනවා.‌‌

Android Devices සදහා Epic Games වෙබ් අඩවිය හරහා මෙතනින් Fortnite Game එක Download කර ගත හැකියි.

Sources : Android Authority, Business Insider, eBay

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara