මොකද්ද මේ True Tone Display

මොකද්ද මේ True Tone Display

iPhone 8 හෝ iPad Pro 9.7” Version හා එයට පසු iPad එකක් හෝ iPhone එකක් බාවිතා කරනවානම් මේ True Tone Display Setting එක දැක ඇති.

මෙම True Tone option එක මගින් සිදු කරනුයේ අවට පරිසරයේ ඇති වර්ණ ත්‍රීවතාවයට (Color Intensity) එකට ගැලපෙන ලෙස iPhone Screen එකේ වර්ණ ත්‍රීවතාවය වෙනස් කිරීමයි.

මෙහිදී ප්‍රදාන ලෙස වර්ණ කොටස් දෙකක් දකින්න පුලුවන්.

ඒ Warm Colors (බර වර්ණ) හා Cool Colors (සැහැල්ලු වර්ණ) අවට පරිසරයේ වරණ ත්‍රීවතාවය සැලකිල්ලට ගනිමින් Ambient Sensor එක හරහා මෙම වර්ණ විපර්යාසය සිදු කරනු ලබයි. උදාහරණයකට ඔබ රාත්‍රී කාලයේ කහ වර්ණයට හුරු විදුලි බුබුලු ලග සිටීනම් Display එක මද කහ වර්ණයක් ගනී.

මෙහි ඇති විශාලම වාසියනම් ඔබ දිගු වේලාවක් දුරකතනය බාවිතා කරමින් කියවීම් කටයුතු වල නිරත වේ නම් ඇස් වලට දැනෙන විඩාව අඩු කිරීමයි. ඒ වගේම Image Color Quality එකත් මෙමගින් වැඩි දුයුණු කරනවා.

True Tone Display Option එක Enable කිරීම සඳහා Settings —> Display & Brightness —> True Tone

හෝ

Control Centre —> Haptic Touch On Display —> Turn On True Tone

ඔයාගේ iPhone එකත් True Tone Support නම් Enable කර වර්ණ වෙනස සමග උත්සාහ කර බලන්න. 2018 වසරේ සිට නිකුත් කරන MacBookPro මාදිලි වලත් මෙම True Tone Display පහසුකම දැක ගැනීමට හැකියි.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara