දශකයේ විශිෂ්ඨතම දුරකථනය විය හැකි iPhone SE 4

2024 වසරේදී ඔවුන්ගේ iPhone SE මාදිලියේ නවතම Smartphone එක වන iPhone SE 4 නිකුත් කිරීමට සුදානමින් සිටින බව. ඒ අනුව මේ Smartphone එක දශකයේ විශිෂ්ඨතම Smartphone එක වෙනු ඇතැයි ද බොහෝ දෙනා මත පළ කරනු ලබනවා.

දශකයේ විශිෂ්ඨතම දුරකථනය විය හැකි iPhone SE 4

Android වැඩකාරයෝ අපිත් එක්ක නිරතුරුවම රැදි සිටින ඔබ මේ වන විටත් දන්නවා Apple සමාගම විසින් එළඹෙන වසරේදී, එනම් 2024 වසරේදී ඔවුන්ගේ iPhone SE මාදිලියේ නවතම Smartphone එක වන iPhone SE 4 නිකුත් කිරීමට සුදානමින් සිටින බව. ඒ අනුව මේ Smartphone එක දශකයේ විශිෂ්ඨතම Smartphone එක වෙනු ඇතැයි ද බොහෝ දෙනා මත පළ කරනු ලබනවා.


දැනට වාර්තා වන තොරතුරුවලට අනුව මේ iPhone එක සඳහා iPhone 14 හි Modified Design එකක් යොදා ගැනෙනු ඇති අතරම මෙය Action Button එකෙන් සහ USB Type - C පහසුකම්වලින් සමන්විත වෙනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.

සුපුරුදු පරිදිම මෙයත් මීට පෙර නිකුත් වු iPhone SE 3 මෙන් Single Camera Lens එකකින් සමන්විත වනු ඇති අතර එම Design එකෙන්ම Rear Camera Setup එක සමන්විත වනු ඇතැයි ද දක්වන්න පුලුවන්. කෙසේ වෙතත් iPhone SE 4 සඳහා 48MP Rear Camera Lens එකක් ලබා දෙනු ඇතැයි ද තොරතුරු වාර්තා වනවා.

Image source- macrumors

iPhone 14 Design එකෙන් යුතු වන මෙය සඳහා නව OLED Panel එකත් ලැබෙනු ඇතැයි ද පෙර iPhone SE Seriesවලදී ලබා දුන් සුපුරුදු Touch ID Home Button එක වෙනුවට Notch එක සමඟින් Face ID පහසුකම ලබා දෙනු ඇතැයි ද දක්වන්න පුලුවන්.

ඒ වගේම Apple සමාගම විසින් ඔවුන්ගේම 5G Modem එකක් ඔස්සේ මේ සඳහා 5G පහසුකමත්, iPhone SE 3 මාදිලයට වඩා 1250 mAh පමණ Battery Capacity එකකින් වැඩි iPhone 14 Base Model එක සඳහා භාවිත කළ Battery එකත් මේ සඳහා ලබා දෙනු ඇතැයි වාර්තා වනවා.


දැනට අන්තර්ජාලය තුළ වාර්තා වන ආකාරයට iPhone SE 4 හි තොරතුරු මේ ආකාරයේ වන අතර මේ Specifications සමඟින් Mid-Range මිලකට මේ Smartphone එක නිකුත් වුවහොත් මෙය දශකයේ විශිෂ්ඨතම Smartphone එක වන බව නිසකයි.

Sources: macrumors.com gsmarena.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna