iPhone charger එකක් ගිනි ගැනීම නිසා තරුණියක් පිළිස්සුම් තුවාල ලබයි

iPhone charger එකක් ගිනි ගැනීම නිසා තරුණියක් පිළිස්සුම් තුවාල ලබයි

Apple සමාගම කියන්නේ මේ වෙන විට ලොව වටිනාම Smart Phone Brand එක ලෙස හදුන්වා දෙන්න පුලුවන්. මේ සදහා ප්‍රධාන වශයෙන් Apple සමාගම විසින් ඔවුන්ගේ නිෂ්පාදන සදහා ලබා දෙන Premium Quality එක හා Customer Support එක පෙන්වා දෙන්න පුලුවන්.

නමුත් ඔබට මතක ඇති මිට සති කිහිපයකට පෙර ඕස්ට්‍රේලියානු ජාතික විද්‍යාඥයෙකු විසින් Apple සමාගමට එරෙහිව නඩු පැවරිමට කටයුතු කරනු ලැබුවා. මේ සදහා හේතු වි තිබුණේ ඔහුගේ iPhone X Device එක පුපුරා යාමෙන් පසු ඔහුගේ විමසිම්වලට ප්‍රතිචාර දැක්විමට Apple සමාගමට නොහැකි වි තිබිමයි.

පසුගිය දිනක (මාර්තු 18) Apple charger එකක් නිසා එංගලන්තයේ බර්මින්හැම්හි පදිංචි වයස 17ක තරැණියක්ද පිලිස්සුම් තුවාල ලබා තිබෙන බවට වාර්තා වෙනවා.

වාර්තා වෙන තොරතුරුවලට අනුව iPhone Charger එකක් ගිණි ගැනිම නිසා ඇමී හෝල් (Amie Hall) නම් මෙම තරුණිය පිලිස්සුම් තුවාල ලබා තිබෙනවා. මේ සිදුවිම සිදුවි තිබෙන්නේ රාත්‍රියේ දි ඇගේ බ්ලැන්කට්ටුවට Charger එක හරහා ගිණි ඇවිලිම නිසයි. ඇය නින්දට යාමට පෙර ඇයගේ iPhone එක Charge විම සදහා Charger එකට සම්බන්ධ කර iPhone එක ඇදෙන් තබා ගෙන තිබෙනවා. රාත්‍රියේ දි හදිසියේ ඇත වු මෙම ගින්න නිසා ඇය සුළු පිලිස්සුම් තුවාලද ලබා තිබෙනවා. කෙසේ වෙතත් මේ ගින්න පැතිරියාමට පෙර නිවා දැමිමට ඇය සහ ඇගේ මව කටයුතු කර තිබෙනවා.

මේ සිදුවිමෙන් පසුව ඇය විසින් මේ ගිනි ගැනිමේ ඡායාරූප හා පිළිස්සුණ Charging Cable එකක ජායාරූප Facebook හි පළ කර තිබුණ අතර එහි ඇය සදහන් කර තිබුණේ රාත්‍රියේ දි Smart Phone එක Charge විමට දමා නින්දට යැමේ දි අතිශය ප්‍රවේසම් විය යුතු බවයි.

කෙසේ වෙතත් මේ වෙන විට වෙළඳපොල වෙත නිකුත් කරන බොහෝ Smart Phone Charger වල Overcharge විම වැලැක්වීමට හා Overheat විම වැලැක්වීමට විවිධ තාක්ෂණික ක්‍රම භාවිත කර තිබෙන අතර එවැනි Charger එකකින් හෝ Charging Cable එකකින් ගිනි ගැනිමක් හෝ ගිනි පැතිරිමක් අපේක්ෂා කල නොහැකි වෙනවා. කෙසේ වෙතත් වෙළඳපොල පවතින Third Party Products වල නම් මේ ආරක්ෂණ ක්‍රමවේද ඇතුළත් වේ යැයි බලාපොරොත්තු විමට අපහසුයි.

කොහොම නමුත් Apple සමාගම විසින් මෙම  සිදුවිම පිළිබඳව මේ වෙන විටත් පරික්ෂණ ආරම්භ කර ඇති අතර ඔවුන් වැඩි දුරටත් දක්වා ඇත්තේ ඔවුන්ගේ සියලු උපාංග නියමිත තත්වයන්ට අනුව පාරිභෝගික ආරක්ෂාව ඉලක්ක කර නිපදවා ඇති බවයි.

Source : Gizmochina

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara