අනතුරකදී උදව්වට එන මිතුරා - Medical ID

අනතුරකදී උදව්වට එන මිතුරා - Medical ID

අප ජීවත් වන පරිසරයත් සමග කුමන අවස්තාවක කුමන ආ කාරයකින් අනතුරක් වේ දැයි කියන්නට බැහැ. නමුත් අනතුරකදී ඔබගේ ලගම යහලුවා හෝ නෑදෑයෙකු දැනුවත් කිරීමට පහසුකමක් iPhone එක සතුයි.

එසේම ඔබ අනතුරකට පත් වූ සැනින් ඔබට උදව් කිරීමට පැමිණෙන පුද්ගලයාට ඔබගේ iPhone එක unlock කිරීමකින් තොරව ඔබගේ සෞඛ්‍ය තත්වය පිලිබදව යම් අදහසක් ලබා ගත හැකී. උදාහරණයකට ඔබ යම් රෝගයකට දීර්ඝ කාලීනව ඹෟෂධ ලබා ගන්නා අයෙක් නම් ඔබට පලමුව දිය යුතු ප්‍රථමාධාර ගැන ඔහුට යම් වැටහීමක් ලබා ගැනීමට පුලුවන්.

තවද ඔබගේ සමීපතමයෙකුට ඇමතුමක් ලබා දී ඔබ පිලිබදව දැනුවත් කිරීමටද මෙමින් අවස්තාව හිමිවනවා.

මෙම පහසුකම බාවිතයෙන් දිවි බේරාගත් අය සම්බන්ධව විශාල පුවත් රැසක් පසුගිය කාලයේදී වාර්තා උනා.

iPhone වල මෙන්ම Apple Watch හි ද මෙම පහසුකම දැක ගත හැකි වනවා.

iPhone එකේ මෙය Setup කිරීම සඳහා,

Health App —> Profile Icon —> Setup/ Edit Medical ID

ඉන්පසු ලැබෙන Form හි අදාල විස්තර ලබා දෙන්න. ඔබ යම් රෝගයකින් පෙලෙන අයෙක් හෝ ලබා ගන්නා බෙහෙත් වර්ග සහ අසාත්මිකතාවයන් ඇත්නම් ඒවා පිලිබඳව.

එහි පහල ඇති Emergency Contact යන කොටසින් ඔබගේ සමීපතමයා Select කර ඔබට ඔහු හා ඇති සම්බන්දය තහවුරු කරන්න

වෙනත් අයෙකුගේ Medical ID එක Access කිරීම සඳහා

Lock Screen PIN එක ඇතුලත් කරන ස්තානයේ පහල ඇති Emergency —> Medical ID හෝ ShutDown Menu [Long Press Power Button or Long Press Power + Volume Up or Volume Down ] හි Medical ID මගින් ඔබට Activate කර ඇති Medical ID එක Access කර Emergency Contact එක Dial කිරීමට හැකියාව ඇත.

හදිසි අවස්තා කොයි මොහොතක ඒ දැයි අප දන්නේ නැත එබැවින් මෙම Option එක Activate කර දැනුවත් වීම මගින් කෙනෙක් බේරා ගැනීමට පොඩි හරි උදව්වක් වෙන්න ඔබටත් පුලුවන් වෙයි.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara