හදිස්සි අවස්ථාවකදී භාවිතා කිරීම සඳහා iPhones 14 මාදිලීන් වල​ට චන්ද්රිකා තාක්ෂණය සන්නිවේදන පහසුකම ලබා දේ

හදිස්සි අවස්ථාවකදී භාවිතා කිරීම සඳහා iPhones 14 මාදිලීන් වල​ට චන්ද්රිකා තාක්ෂණය සන්නිවේදන පහසුකම ලබා දේ

Apple සමාගමේ නවතම Smart Phone Series එක වන iPhone 14 සහ iPhone 14 Pro series එක ඊයේ දිනයේදී එළිදැක්විමත් සමග ලොව ප්‍රථමවතාවට iPhones සදහා Satellite Connectivity එක ලබා දීම සිදු කරනු ලැබුවා. එනම් මේ මගින් Satellite Communication එක ඔස්සේ Emergency SOS පහසුකම ලබා ගැනිමට iPhone 14 Series එක සමත් වනවා.

මෙලෙස Satellite Connectivity එක මගින් Emergency SOS පහසුකම ලබා දීම තුලින් ජංගම දුරකථන සංඥා නොමැති පෘථිවියේ ඕනැම ස්ථානයක සිට මෙම පහසුකම ලබා ගැනිමට හැකි වනවා. එමෙන්ම iPhone 14 Series එක සදහා වසර දෙකක කාලයකට මේ පහසුකම නොමිලයේ භාවිත කිරිමේ හැකියාවත් ලැබෙන අතර එක්සත් ජනපදයේ සහ කැනඩාවේ දී ⁣එළඹෙන නොවැම්බර් මස සිට මෙය භාවිත කිරිමටත් හැකියාව ලැබෙනවා.

මෙලෙස Satellite Emergency SOS පහසුකම ලබා දිමේදි Apple සමාගම විසින් Custom Text Compression Algorithm එකක් නිර්මාණය කර ඇති අතර ඒ මගින් iPhone එකට Satellite එක සමග වඩාත් ඉක්මනින් සන්නිවේදන කිරිමේ හැකියාව ලැබෙනවා. මිට අමතරව Apple සමාගම විසින් Emergency Expert සේවයන් සමග සම්බන්ධ වි බහුල හදිසි තත්වයන් ඇතුළත් ලැයිස්තුවක් සකස් කර එය Tap කිරිම මගින් ඔබගේ හදිසි අවශ්‍යතාවය දැනුම්දිම පිළිබඳවත් ඉදිරියේදි කටයුතු කිරිමට සුදානම් බව දක්වන්න පුලුවන්.

එමෙන්ම Find My App එක ඔස්සේ ඔබගේ Location එක Manually Share කිරිමේ හැකියාවත් ලැබෙනවා. කෙසේ වෙතත් මෙලෙස Emergency SOS පහසුකම භාවිත කිරිමට නම් ජංගම දුරකථනය Satellite එක ඇති දිශාවට යොමු කළ යුතු වන අතර, මේය කෙසේ සිදු වේදැයි යන්න මෙන්ම මේ සදහා කුමන Satellite එක Apple සමාගම විසින් භාවිත කරන්නේ ද යන්න පිළිබඳවත් තවමත් ඔවුන් විසින් ⁣තොරතුරැ දක්වා නොමැති වනවා.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara