iPhone 14 Pro කැමරාවේ ගැටළුවක් ඇති බව පරිශීලකයන් මැසිවිලි නග​යි

iPhone 14 Pro කැමරාවේ ගැටළුවක් ඇති බව පරිශීලකයන් මැසිවිලි නග​යි

මෑතකදී නිකුත් වූ iPhone 14 Pro සහ iPhone 14 Pro Max දුරකතනයන් මිලදී ගත් පරිශීලකයන් විසින් මේ වන විට එහි කැමරාවන් වල ඇති ගැටළුවක් පිළිබඳව වාර්තා කර තිබෙනවා. එහිදී කැමරා ලෙන්ස් එක පාලනයකින් තොරව ශබ්දයක් නගමින් ක්‍රියාකරන බව ඔවුන් පවසා තිබෙනවා. Instagram, TikTok, සහ Snapchat වැනි ත්වන පාර්ශවීය යෙදුම් භාවිතා කිරීමේදී අමුතු ශබ්දයන් නගමින් කැමරාව සෙලවෙන බව ඔවුන් තව දුරටත් පවසා තිබෙනවා.

YouTuber කෙනෙක් වන Luke Miani විසින් Twitter එකේ පල කල වීඩියෝවක දැක්වෙන ආකාරයට Snapchat භාවිතා කරන විට ඔහුගේ iPhone 14 Pro Max දුරකතනයේ කැමරාව වේගයෙන් vibrate වීමට ආරම්භ වී ඇති අතර ලබා ගන්නා ඡායාරූපය මුළුමනින්ම බොඳවී ඇත. එම වීඩියෝවේ කැමරාව ශබ්ද නගමින් සෙලවෙන ආකාරය දැක්වෙන අතර එය තරමක් දුරට අසාගෙන සිටිය නොහැකි තරමේ ශබ්දයකි.

නමුත් මෙය iPhone Camera app එක සඳහා බලපෑමක් සිදු නොකරන අතර එය භාවිතා කිරීමේදී කිසිදු ශබ්දයක් කෝ බොඳවීමක් දක්නට ලැබෙන්නේ නැත. ඒ අනුව මෙය තෙවන පාර්ශවීය යෙදුම් වලින් පැන නගින දෝෂයක් බව නිගමනය කල හැකියි. මේ සඳහා අදාල යෙදුම් නිර්මාණය කරන ආයතනයන් විසින් අදාල ගැටළුවන් නිරාකරණය කර iPhone 14 Pro මාදිලීන් සඳහාම විශේෂීවූ යාවත්කාලීන කිරීමක් නිකුත් කල යුතු බව මත පල වේ. මෙම ගැටළුව හරහා දුරකතනයට සිදු වන හානිය පිලිබඳව නම් තාම කිසිදු අදහසක් පල වී නෑ.

මේ ගැටළුව පැන නැගි යෙදුම් නිර්මානය කරන සමාගම වලින් තවමත් මේ පිළිබඳව අදහසක් නිකුත් වී නෑ. පිළිබඳව තොරතුරු ලැබුන විගස ඔබට පිළිබඳව රැගෙන එන්නම්.

Sources: 9to5 Mac The Verge

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara