iPhone 14 Pro වලට 30W Charger එකක් සමඟ නව කැමරාවක්

iPhone 14 Pro වලට 30W Charger එකක් සමඟ නව කැමරාවක්

සුප්‍රසිද්ධ Leakster කෙනෙක් වන Duan Rai විසින් පළ කරන ලද Tweet එකක් මගින් iPhone 14 Pro Max Smart Phone එක 30W Fast Charging සදහා සහාය දක්වනු ඇති බවට දක්වා තිබෙනවා. ඔහු විසින් තව දුරටත් දක්වා ඇත්තේ නොදන්නා තෙවන පාර්ශවීය Charger සන්නාමයක් විසින් මෙම Chager මාධ්‍ය වෙත ද ලබා දී ඇති බවයි.

ඔබට මතක ඇති අප මීට පෙර වාර්තා කළා iPhone වල Lightning Port එක USB-C එකකට මාරු කරනා යුරෝපා කොමිසමේ තීරණය පිළිබඳව. නමුත් මේ තොරතුර අනුව වාර්තා වන්නේ USB-C නොමැතිව Lightning Port එකක් සහිතව සුපුරුදු පරිදි iPhone එළිදැක්වෙන බවටයි.

මේ නිල නොවන තොරතුරු සත්‍ය නම් එය සාමාන්‍ය 20W Charger එකට වඩා වේගවත් වන අතරපෙර මේ ලෙසම මේ Charger එක 30W ලෙස ලැබුණද iPhone 14 Series එක 27W දක්වා පමණක් සහය දක්වනු ඇති බවට වාර්තා වන නිසා 27W හෝ 25W ලෙස iPhone එකට මෙය සහය දක්වනු ඇතැයි ද වාර්තා වනවා.

Android දුරකථන සදහා මේ වන විටත 150W Charger එකක් දැනටම ලබා දෙමින් තිබෙන නිසා Fast Charging පිළිබඳව සැලකිමේදි නම් මෙය එතරම් සැලකීමට කරැණක් නොවේ.

මීට අමතරව තවත් සුප්‍රසිද්ධ Leakster කෙනෙක් වන Ming-Chi-Kuo හෙළි කරන්නේ iPhone Pro මාදිලිවල 1.4µm Pixels සහිත විශාල සෙන්සර් එකක් සහ නව Ultra Wide Camera Lense එකක් අඩංගු විය හැකි බවයි.

කෙසේ වෙතත් මේ උපාංගයන් සහ කොටස්වල මිල 70% දක්වා ඉහළ යා හැකි අතර ඒ මගින් iPhones වල මිල සදහාද යම් බලපැමක් ඇති කළ හැකි වනවා. ශ්‍රී ලංකාව වැනි උද්ධමනය සහ ආනයන සීමා සහිත රටකට නම් මෙලෙස iPhone Series එකේ මිල සුලු ප්‍රමාණයකින් හෝ ඉහළ යාම මගින් ශ්‍රී ලංකාව තුල අලෙවි වන මිල තවත් දෙගුණ වෙන්නට පුළුවන්. මේ නව iPhone 14 Series එක සැප්තැම්බර් 07 වන දා එළිදැක්වෙන අතරම අලුත්ම iPhone Series එක ගැන නිකුත් වුණ විගසම තොරතුරු දැන ගන්න අපිත් එක්ක දිගටම ඉන්න.

ඒ වගේම මීට අමතරව iPhone Series එකෙන් ඔයාලා බලාපොරොත්තු වෙන Features වගේම, ශ්‍රී ලංකාවේ අපිට නිකුත් වෙයි කියල හිතෙන මිල ගණනුත් පහළින් Comment කරන්න.

Sources: Beebom Tomsguide

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara