Google Pixel 7 Pro පරදා ඉදිරියට Apple iPhone 14 Plus ඉදිරිය​ට

Google Pixel 7 Pro පරදා ඉදිරියට Apple iPhone 14 Plus ඉදිරිය​ට

පසුගිය ගෙවී ගිය කාලය තුළ දුරකථන වෙළඳපොල තුළ පෙරලියන් රැසක් ඇති වීම සිදුවිය. එයට හේතුව වන්නේ එම කාලය තුළ ප්‍රධාන දුරකථන නිශ්පාදන සමාගම් කිහිපයක් මගින් දුරකථ​න එළිදැක්වීමයි. ඒ අතරින් Apple සමාගමෙන් නිකුත් කරනු ලැබූ iPhone 14 දුරකථන සහ Google සමාගම විසින් නිකුත් කළ Pixel 7 දුරකථන පෙළ මහත් සේ කතාබහට ලක් වූ මාතෘකා දෙකක් විය. එයට හේතුව නම් එම සමාගම් විසින් ඉතාමත් හොඳ මට්ටමේ Features එකතු කර තිබීමත් එමගින් පරිශීලකයන් තුළ විශාල ප්‍රසාදයක් හට ගැනීමත් ය.

කෙසේ වෙතත් විවිධ පාර්ශවයන් මතු කළ අදහසක් වන්නේ මෙම iPhone 14 Plus සහ Pixel 7 Pro දුරකථන සංසන්දනය කිරීමේදී වඩාත්ම හොඳ සහ Features වලින් ඉහළින් සිටින දුරකථනය පිළිබඳව නිශ්චිත තීරණයකට එළඹිය නොහැකි බවයි. නමුත් පසුගිය දිනෙක Benchmark Test ඔස්සේ නිකුත් කළ තොරතුරු අනුව Pixel 7 Pro පරදා iPhone 14 Plus විසින් වැඩි වාසි අත්කරගත් බවයි.

විචාරකයින් සඳහන් කරනු ලබන ආකාරයට Apple සමාගම විසින් සිය iPhone සඳහා භාවිතා කරනු ලබන ප්‍රධානතම ක්‍රමෝපායක් වන දුරකථනය සඳහා විශාල Upgrades ලබා දීමෙන් වැළකී පරිශීලකයන් වෙත ඉතාමත් සුවපහසු මෙන්ම ආකර්ශණීය ලෙස දුරකථනය් භාවිතා කිරීමට අවස්ථාව සලසා දීම Google සමාගම විසින් සිය Pixel 7 දුරකථන පෙළ සඳහාද ලබා දී ඇති බව සඳහන් කරයි. එසේම Pixel 7 Pro හි මිල ඉතාමත් අඩු මට්ටමක පවත්වා ගැනීම වුව ද මෙලෙස විශාල තරඟයක් ඇතිවීමට සෘජුවම බලපා ඇති කරුණකි.

කෙසේ නමුත් සිදුකරන ලද Benchmarks Test වලින් පෙනී යන්නේ Pixel 7 Pro දුරකථනයට සාපේක්ෂව iPhone 14 Plus දුරකථනයේ ක්‍රියාකාරීත්වය ඉදිරියෙන් පවතිබ බවයි. නමුත් මෙම දර්ශක සියලුම දුරකථනයේ Features සඳහා සිදුකර නොමැති නමුත් Google Pixel හා Apple iPhone රසිකයින් හට මෙලෙස නිකුත් කරන ලද දර්ශක වල ප්‍රතිඵල තම දුරකථනවල භාවිතයට කිසිඳු හානියක් සිදු නොකරනු ඇති බවට අපගේ විශ්වාසයයි.

Sources: headtopics.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara