iPhone 13 මාදිලියේ ජංගම දුරකතන මෙම වසරේ සැප්තැම්බර් 14 වන දින එලිදැක්වීමට සූදානම් බව තොරතුරු වාර්තාවේ

iPhone 13 මාදිලියේ ජංගම දුරකතන මෙම වසරේ සැප්තැම්බර් 14 වන දින එලිදැක්වීමට සූදානම් බව තොරතුරු වාර්තාවේ

Apple සමාගම විසින් ඔවුන්ගේ නවතම iPhone 13 Series එක සැප්තැම්බර් 14 වන දා එළිදැක්වීමට සැලසුම්කර ඇති බව වාර්තා වෙනවා. ඒ ITHome විසින් සොයාගන්නා ලද E-commerce ලැයිස්තුගත කිරීමකට අනුව සහ පසුව පිළිගත් Tipster කෙනෙකු වෙන Jon Prosser විසින් සිදු කරන ලද තහවුරු කිරිම්වලින් පසුවයි.

iPhone 13 හි Pre Order සැප්තැම්බර් 14 සිට ලබාගත හැකි බව Prosser ගෙ වාර්තාවෙන් හෙළි කර තිබෙනවා. අදාළ E-commerce ලැයිස්තුගත කිරීම මුලින්ම පළකලේ චීනයේ Microblogging platform එකක් වන weibo හි @PandalsBald පරිශීලකයා විසිනි.

මෙම ලැයිස්තුගත කිරීමට අනුව iPhone 13, iPhone 13 pro, iPhone 13 pro max, iPhone 13 mini දුරකථන සදහා සැප්තැම්බර් 17 වනදාට පෙර ඇණවුම ලබා දිය හැකි බව සදහන් වෙනවා. එපමණක් නොව ලැයිස්තුගත කිරීමෙන් හෙළිවන්නේ ඊළගට පැමිණෙන Apple AirPods 3 හි පෙර ඇනවුම් දිනය සැප්‍තැම්බර් 30 වන බවයි.

Front page Tech හී Tipster Jon Prosser මෙය තහවුරු කර ඇති අතර iPhone 13 Series එක Pre Order සදහා සහ නිකුත් කිරිමේ දින පිළිවෙලින් සැප්තැම්බර් 17 සහ සැප්තැම්බර් 24 විය හැකි බව දක්වා තිබෙනවා. එපමණක් නොව iPhone 13 Series එක නිකුත් කිරීමේ Event එක සැප්තැම්බර් 14 වන දින පැවැත්වීය හැකි බවත්, iPhone 13 Series එකේ Devices සාමාන්‍යයෙන් ලබා ගත හැක්කේ සැප්තැම්බර් 24 බවත් වාර්තාවේ සදහන් වේ. සතියකට පෙර එනම් සැප්තැම්බර් 7 වනදා Apple සමාගම විසින් මේ Event එක සදහා Invitation පළකරන බව පැවසේ. එබැවින් සැප්තැම්බර් 14 වනදා ඇත්ත වශයෙන්ම අපට නව iPhone මාදිලිය දැක ගැනිමට හැකියාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

මෙම වසරේ iPhone මගින් PorRes Video Recoding, Portrait Video වැනි කැමරා වැඩිදියුණු කිරීම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ හැකි වෙනවා. Face Masks හා Foggy glasses සමග හොදින් ක්‍රියා කරන වැඩි දියුණු කළ Face ID System එකක් ද මේ Series එක සදහා ලබා දිය හැකි අතර 25W Fast Charging සදහාත් මේ නව iPhone 13 Series එක සහය දක්වනු ඇති බවට තොරතුරු පළ වෙනවා.

Source: Beebom

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara