ලොව ප්‍රථම dual eSIM පහසුකම අඩංගු වන දුරකතන ලෙස Apple සමාගම එලිදැක්වූ iPhone 13 මාදිලි පත්වේ

ලොව ප්‍රථම dual eSIM පහසුකම අඩංගු වන දුරකතන ලෙස Apple සමාගම එලිදැක්වූ iPhone 13 මාදිලි පත්වේ

ඊයේ ( 14 ) දිනයේදි Apple සමාගම විසින් ඔවුන්ගේ iPhone 13 Series එක එළිදැක්වීම සිදු කරනු ලැබුවා. ඒ අනුව ඔවුන් විසින් iPhone 13, iPhone 13 Mini, iPhone 13 Pro හා iPhone 13 Pro Max ලෙස Devices 04ක් එළිදැක්වීමට කටයුතු කළා.

ඒ වගේම ලොව ප්‍රථම වතාවට iPhone 13 Series එක සදහා Dual eSIM Support එක ලබා දිමට Apple සමාගම විසින් කටයුතු කර තිබෙනවා. ඒ අනුව එක Physical SIM Card Slot එකක් සමග eSIM Support එක මේ Series එක සදහා ලබා දි තිබෙනවා. ඒ අනුව බොහෝ විට Apple සමාගමේ ඉදිරි iPhone Series සදහා Physical SIM Support එක ලබා නොදෙනු ඇතැයි ද මේ සමග අනුමාන කරන්න පුළුවන්.

iPhone 13 Series එකේ පවතින මේ Dual eSIM Support එක සමගින් Physical SIM එකත් සමග දුරකථන සම්බන්ධතා තුනක් භාවිත කිරිමට හැකියාව පවතිනවා. නමුත් Apple සමාගම විසින් මෙලෙස Dual eSIM පහසුකම හා Physical SIM එකත් සමග දුරකථන සම්බන්ධතා තුනක් භාවිත කළ හැකි දැයි තවමත් ප්‍රකාශයට පත්කර නැ.

කෙසේ වෙතත් මෙලෙස Dual eSIM හා Physical SIM මගින් දුරකථන සම්බන්ධතා තුනක් භාවිත කිරීමට අවස්ථාව උදාවුවහොත් එය iPhone Usersලාට අලුත්ම අත්දැකීමක් වන බව නිසකයි. නමුත් දැනට පළවෙන වාර්තා අනුව එකවර eSIM දෙකම සමග Physical SIM එක භාවිතය අවස්ථාව ලබා නොදෙනු ඇතැයි ද දක්වන්න පුළුවන්.

මෙම ලිපිය California Streaming YouTube Live එක ආශ්‍රයෙන් නිම වූ ලිපියකි.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara