iPhone 12 නිෂ්පාදනය ඉන්දියාවේදී ඇරඹීමට Apple සමාගම සැලසුම් කරයි

iPhone 12 නිෂ්පාදනය ඉන්දියාවේදී ඇරඹීමට Apple සමාගම සැලසුම් කරයි

Apple සමාගම විසින් මෑතකදී ඔවුන්ගේ iPhone ඉන්දියාවේදි නිෂ්පාදනය අරඹනු ලැබුවා. ඒ iPhone 11 නිෂ්පාදනය ආරම්භ කරමිනුයි.

Business Standard වාර්තාවට අනුව කියවෙන්නේ බැංගලෝර් ( Bengaluru ) හි කර්මාන්ත ශාලාවක් සදහා Apple සමාගම විශාල මුදලක් ආයෝජනය කර ඇති බවයි.  ඒ වගේම Apple සමාගමේ ඉන්දියානු හවුල්කරැ වන Wistron සමාගම විසින් සිය කර්නාටක ප්‍රාන්තයේ කර්මාන්ත ශාලාව සදහා නව සේවකයින් 10,000 පමණ බදවා ගන්නා බවට දැනුම් දිලා තියෙනවා. මේ තොරතුරුවලට අනුව අපිට කියන්න පුළුවන් බොහෝ දුරට iPhone 12 ඉන්දියාව තුල නිෂ්පාදනය වෙන්න ඉඩ කඩ තිබෙන බව.‌‌ ‌‌

Concept iPhone 12 Models

මේ පිළිබඳව කර්නාටක ප්‍රාන්තයේ හිටපු ඇමතිවයෙකු වන Dinesh Gundu Rao මහතාගේ නිල Twitter ගිණුම මගින් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටින්නේ Apple සමාගම විසින් iPhone 12 දුරකථන නිපදවිම නර්සපුර ( Narsapura ) හි කර්මාන්ත ශාලාවක ආරම්භ කිරිමට සුදානම් බවයි. ඔහු තවදුරටත් කියා සිටින්නේ මේ සමග නව රැකියා 10000 පමණද ඇති වනු ඇති බවයි.

Make in India ආදර්ශ පාඨයට අනුවද මෙය ඉන්දියාවට සුභ ආරංචියක් බව දක්වන්න පුළුවන්. ඒ වගේම පාරිභෝගිකයින් වන අපිට සුබ ආරංචිය වෙන්නේ ඉන්දියාවේ iPhone නිෂ්පාදනය තුලින් එහි මිල යම් තරම් හෝ දුරකට අඩු කර පාරිභෝගිකයාට දැරිය හැකි මිලකට ලබා ගැනිමට හැකි වනු ඇති බවයි. ඒ වගේම ඉන්දියාව තුලදි iPhone 12 සදහා ආනයන තිරැබදු බල නොපැවැත්වෙන නිසා iPhone 11ට වඩා iPhone 12 මිලෙන් අඩු විය හැකියි.

මෙලෙස යම් තරම් හෝ අඩු මුදලකට නව iPhone 12 ඉන්දියාව තුලදි අලවි වුවහොත්  අනිවාර්යයෙන්ම ඉන්දියාව තුල Apple Devicesවල වෙළදපොල ප්‍රමාණය වැඩි විය හැකියි.

Sources : Beebom , Business Standard

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara